Wand Cores

Wand cores - මායා යශ්ටි හරයන්

අද මම කතා කරන්න යන්නෙ මායා යශ්ටි හරයන් ගැන🔥.මේ ලිපිය ලිපි මාලාවක් විදිහට ගේන්න බලාපොරොත්තු වෙනවා.මේ එකේ පලවෙනි කොටස.
සාමන්‍යෙන් බලවත්ම මායා යශ්ටි හරයන් ලෙස ද්‍රව්‍ය පහක් හදුනාගෙන තියනවා.ඒ
1.Thestral tail hair
2.Vella hair
3.Phoenix feather
4.Dragon heartstrings
5.Unicorn tail hair
මේ අතරින් පස්වෙනි එක වෙන unicorn tail hair ගැන දැන් කතා කරමු.

Unicorn tail hair🦄

යුනිකෝන් කොන්ඩ ගස් කියන්නෙ ගොඩක් බලවත් මායා ද්‍රව්‍යක්. ඒ වගේම මේවා යොදාගෙන නිර්මාණය කරන යශ්ටි වලින් තමයි ඉතාමත්ම ස්තාවර මායාවන් කරන්න පුලුවන් වෙන්නේ.ඒවගේම මේ යශ්ටි හරය ඉතාමත් සුලබම මායා යශ්ටි හරය වෙනවා.ඔලිවැන්ඩර් ගෙ ගොඩක්ම මායා යශ්ටිවල හරය වෙලා තියෙන්නෙත් මේ දේමයි.(ඔලිවැන්ඩර් පාවිච්චි කරන අනිත් ද්‍රව්‍ය දෙක තමයි dragon heartstrings සහ phoenix feather) 
මෙම යශ්ටි ඉතාමත් පක්ශපාතී, විශ්වාසවන්ත,වැරදීම් අඩු, කීකරු යශ්ටි විශේශයක් විදිහට හදුන්වන්න පුලුවන්. නමුත් අනික් යශ්ටිවලට සාපේක්ශව බලය ටිකක් විතර අඩුයි. ඒකනිසා power එක අතින් මේක තියෙන්නෙ පස්වෙනි තැන.හැබැයි යොදාගන්නා ලී වර්ගය අනුව මේ තත්වය ටිකක් වෙනස් වෙන්න පුලුවන්.උදාහරනයක් විදිහට Hazel wood + Unicorn tail hair යශ්ටිය ගත්තොත් ඒ යශ්ටිය තමයි මායා ලෝකයේ තියන ගොඩක්ම පක්ශපාතී වගේම බලවත් අතින් මුල් කිහිපයේ ඉන්න යශ්ටිය වෙන්නෙ. මේ යශ්ටියට මුලු ජීවත කාලයටම ඉන්නෙ එකම එක ස්වාමියයි.මේක කොච්චර පක්ශපාතීද කියනවනම් ස්වාමියා මියයද්දි මේ යශ්ටියත් ඒත් එක්කම මියයනවා.
ඒවගේම unicorn tail hair සහිත යශ්ටි තම ස්වාමියා නොවන අයෙකුගේ ලග තියනකොට ඉතාමත් උදාසීන ගතියක් පෙන්නුම් කරනවා.මෙම යශ්ටි තම පලමු අයිතිකරුවාට ඉතාමත් පක්ශපාතීබවක් දක්වනවා.
තවද මෙම යශ්ටි මගින් නිපදවන මායාවන්ගේ වෙනස්වීම් හා අවහිරතා ඉතාමත් අඩු මට්ටමක පවතිනවා.නමුත් මෙම යශ්ටිවලට සාපේක්ශව අඩු බලයක් තමයි තියෙන්නෙ.
මේ හරයේ තියන තවත් විශේශයක් තමයි තවත් යශ්ටි හරයක් (dual core)මේ සමග බාවිතා කල හැකි වීම.ඒ මේ යශ්ටි වල ඇති පොලාපැනීම් (backfire) අවම වීමයි. නමුත් මේ සමග අදුරු මායා සදහා යොදන හරයක් යෙදුවහොත් සමහර විට unicorn හරය මියයන්න උනත් පුලුවන්.
සාමාන්‍යයෙන් මේ යශටි අයත් වෙන්නේ කරුණාවන්ත , අහිංසක, අනෙක් අයට වඩා උසස් ගතිගුන සහිත පක්ශපාතී අයටයි.මේ දේ කියනකොට අපිට මතක්වෙන ප්‍රදාන නිවාස දෙක තමයි රේවන්ක්ලෝ💙 සහ හෆල්පෆ්💛 . මේ නිවාසවල අයට තමයි ගොඩක්ම මේ හරය සහිත යශ්ටි තියෙන්නෙ (අනික් නිවාස වල අයටත් අඩුවැඩියෙන් මේ යශ්ටි තියනවා Draco, Nevil ඒ වගේ අය). 
මේ යශ්ටි වලට සුදුසු මායාවන්ද විශේශයෙන්ම තියනවා.ඒවා තමයි Charms , Transfiguration, Heeling, Elimantal magic (මූලදාතු සම්බන්ද මායාවන්. ගොඩක්ම ජලය💧 සහ භූමිය🗻 සම්බන්ද).
මේ යශ්ටි අදුරු මායාවලට භාවිතා කලොත් සමහර විට හරය මිය යන්න පුලුවන්.
හොරස් ස්ලග්හෝන් කියන විදිහට එක unicorn hair එකක් ගැලියන් 10ක් විතර වටිනවා.ඒත් ඒක යොදල හදන යශ්ටියක් ගැලියන් 7යි වෙන්නේ.(ඔය කතාව කියල තියෙන්නෙ මනුස්සය ටිකක් බීපු වෙලාවක😂.ඒක හින්දා ගනන් ගන්න ගොඩාක් අමාරුයි😋.)එක නිසා තීරණය කරන්න වෙන්නෙ මේවායේ මිල නිතරම වෙනස් වෙනවා කියලා.
මේ යශ්ටි අයිති වෙලා තිබ්බ අය තමයි,
Marry Cattermole
Cedric Diggory
Nevil Longbottom (මම)
Remus Lupin
Draco Malfoy(පසුව හැරීට)
Quirinas Quirrell
Sybill Trelawney
Charlie Weasley
Ron Weasley

මයා යශ්ටි හරයන් - Wand Cores
(Part 2)

ඔන්න කලින් පොරොන්දු උන විදිහටම මේ ලිපි මාලාවේ දෙවනි කොටස පටන් ගමු.කලින් ලිපියෙන් කිව්වා වගේ බලවත් මයා යශ්ටි හරයන් වර්ග 5 ක් අදුනාගෙන තියනවා.
Unicorn tail hair 
Dragon heartstrings 
Pheonix tail father
Vella hair 
Thestral tail hair

දැන් මන් කතා කරන්න යන්නේ Dragon heartstrings core එක ගැන.🐉 

ඔලිවැන්ඩර් යශ්ටි හදන්න භාවිතා කරන ද්‍රව්‍ය වර්ග තුන අතරින් බලවත්ම මායාවන් සහිත යශ්ටිය විදිහට Dragon heartstrings core එක සහිත යශ්ටි හදුන්වන්න පුලුවන්.ඒවගේම යශ්ටි හර අතරින් ඉතාමත්ම වේගවත් වගේම ඉක්මනින් ඉගෙනගන්නා යශ්ටි වර්ගය විදිහට මේ හරය හදුන්වන්න පුලුවන්.

මේ යශ්ටිවල හිමිකාරත්වය ගැන කතාකරනවනම් මේවායේ හිමිකාරීත්වය ඉක්මනින් වෙනස්වෙන්න පුලුවන්.ඒ කියන්නෙ කලින් යශ්ටිය අයිතිවෙලා තිබුන කෙනාගෙන් තවකෙනෙක් මායා සටනකින් ඒ අයව පරාද කලොත් මේ යශ්ටිවල හිමිකාරීත්වය දිනපු පුද්ගලයාට පක්ශපාතී වෙනවා. ඒ කියන්නෙ කලින් කිව්වා වගේ මේ යශ්ටිවලට වේගයෙන් තවත් පුද්ගලයෙකුට හැඩ ගැසීමේ හැකියාවක් තියනවා.unicorn haire core එක වගේ නෙමෙයි.මේ යශ්ටිවලට හිමිකරුවන් කීපදෙනෙකුම ඉන්න පුලුවන්.😯

ඇත්තටම Dragon heartstrings  ලබාගන්න විදිහ ගැන කතා කරද්දී ස්වාබාවිකව මියගිය හෝ තර්ජන හේතුවෙන් ඝාතනය කරන ලද මකරුන්ගේ හදවතේ පවතින නහර විශේශයකින් තමයි මේවා ලබාගන්නේ. මේ තන්තු ලබාගන්න විශේශ මකරු වර්ග ගැනනම් සදහනක් වෙන්නේ නෑ.(🤔මං හිතන විදිහටනම් ඕනෙම එකෙක්ගෙන් ගන්නව ඇති.ඒවගේම වර්ගයට අනුව බලවත් බාවයත් වෙනස් ඇති.ඔය ඉන්නෙ එක එක වර්ග වෙල්ස් ග්‍රීන්, නෝවේජියන් රිජ්බැග්, යුක්‍රේනියන් අයන්බෙලී🤔)

මේවාට යොදන ලී වර්ග ගැන සදහන් කලොත් ඔලිවැන්ඩර් විසින් විශේශයෙන්ම සාදපු යශ්ටි දෙකක් විදිහට Applewood වගේම Beechwood මායා යශ්ටි දෙක සදහන් කරන්න පුලුවන්.
ඒවගේම බලය අතින් ගත්තොත් Cherry හා Chesnut යශ්ටි වර්ග දෙක තමයි Dragon heartstrings  දාල හදන්න පුලුවන් බලවත්ම යශ්ටි වර්ග දෙක ලෙස සැලකෙන්නේ.මේ යශ්ටි දෙක අයිතිවෙන්නේ ගොඩක්ම selfcontrol💥 (ස්වයංපාලනයක්)සහිත අයට විතරයි. මොකද මේ දෙක ගොඩාක්ම බලවත් වෙන නිසා වැරදි අයෙක් භාවිතා කලොත් කරන ශාප පොලාපැනීමකට😯 ලක්වෙන්න පුලුවන්.

මේ යශ්ටි ගොඩාක්ම යෝග්‍ය වෙන මායා වර්ග කීපයක්ම තියනවා. මේ යශ්ටි ගොඩාක්ම යොදාගන්නේ අදුරු මායාවන් කරන්න වගේම ඒවායෙන් වැලකෙන්නයි.ඒවගේම ද්වන්ද සටන් වලදී භාවිතා කරන Duelling spell වලටත් මේ යශ්ටි ඉතාමත් යෝග්‍යයි.තවත් කියනවනම් පැලෑටි විද්‍යාව (Herbology)🌿, ශාප(curses) වගේම ද්‍රාවන (potions) ⚗️වලටද මේ යශ්ටි ඉතාමත් යෝග්‍යයි.
තවත් කියනවනම් Elimantal magic වලදී ඒ කියන්නෙ මූලධාතු මායාවන් වලදී මේකට ලැබෙන්නෙ විශේශ තැනක් . Unicorn tail hair  වලදී භූමිය⛰️ සහ ජලය💧 වගේම Dragon heartstrings  වලදී මූලික වෙන්නෙ ගින්දර 🔥. (මකරු කොහොමත් ගින්දර එක්ක සම්බන්ද නිසා😂)

මේ යශ්ටි අයිතිවෙන පුද්ගලයින්ගේ ගතිගුන ගැන කතාකරනවනම් ඒ අයට වෙන්වෙච්චි විශේශ චරිත ලක්ශන බොහෝ ප්‍රමාණයක් තියනවා.මේ යශ්ටි අයිතිවෙන්නෙ ශක්තිමත් , ඕනෑම දේකට ඉක්මනින් හුරු වීමේ හැකියාවක් ඇති , බුද්දිමත්, ස්ථිර අධිශ්ටානයක් සහිත මනසක් ඇති ඒවගේම ටිකක් දඩබ්බර ගති ලක්ශන තියන අයටයි. මේ දේවල් කියනකොට විශේශයෙන්ම මතක්වෙන නිවාසය තමයි Slytherin💚 . ඔව් Dragon heartstrings core  එකක් සහිත යශ්ටි වැඩි ප්‍රමානයක් අයිති වෙන්නේ ස්ලිදරින් අයට.ඊට පසුව වැඩි ප්‍රමාණයක් Rawenclow💙 අයටත්,ඊලගට Gryffindore❤️ අයටත් මේ යශ්ටි අයත් වෙනවා. Hufflpuff 💛එකේනම් මේ යශ්ටි තියන අය ඉන්නෙ ඉතාමත් සුලුපිරිසක් විතරයි.(වෙලාවකට නැතිම තරම්😌)

ඊලගට බලමු මේ යශ්ටි අයිති වෙලා තිබ්බෙ කාටද ? ඒවගේම ඒ යශ්ටි වල ලී වර්ගය මොකක්ද කියන එක ගැන.

Hermione Granger - Vinewood
Viktor Krum - Hornbeam
Bellatrix Lestrange - Walnut
Gilderoy Lockharts - Cherry
Minerva McGonagal - Fir wood 
Garrick Olivander - Hornbeam
Peter Petigrew - Chestnut
Dolores Umbrige - Birch
Horace Slughorn - Cedarwood 
Lucius Malfoy - Elm
Mr.Boot - Ash
Penilope Fawley - Willow wood

මායා යශ්ටි හරයන් - Wand cores
(Part3)

 අපි කතා කලා වගේ බලවත් මායා යශ්ටි හදන්න ගන්න හරයන් වර්ග 5ක් තියනවා.දැන් අපි කතාකරන්නේ ඒකෙන් තුන්වෙනියට බලවත්ම යශ්ටි හරය වන Phoenix feather core එක ගැන .

Phoenix feather core🦅🕊️

මේ core එකට කලින් අපි ෆීනික්ස් ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු.
ෆීනික්ස් කියන්නෙ ගොඩක්ම බලවත් මායා සත්ව විශේශයක්. ඒ වගේම ගොඩාක් පක්ශපාතී විශේශයක් විදිහට සලකන්න පුලුවන් . මෙයින් සමහර ෆීනික්ස් කුරුල්ලන් තම ජීවිත කාලය පුරාවටම එක පවුලක් වෙනුවෙන් සේවය කිරීමට බැදිලා ඉන්නවා.❤️
ඒවගේම යශ්ටි හරයන්ට අමතරව මොවුන්ගේ පිහාටු ලිවීම සදහා පිහාටු පෑන් ලෙස බාවිතා කරනවා. ඒකට හොදම උදාහරණය තමයි ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ගෙ මේසෙ උඩ තියන පිහාටු පෑන. තව කිව්වොත් මේ ෆීනික්ස් පිහාටු අනතුරු ඇගවීමේ සලකුණක් විදිහටත් පාවිච්චි කරනවා♨️. ඇල්බස් ඩම්බල්ඩෝර් විසින් Oder of the Phoenix වෙතට එක අවස්තාවකදී මේ පිහාට්ටක් යවනවා අනතුරු අගවන්න.තවත් කියනවනම් මායා ලෝකේ බලවත්ම සත්වයා ලෙස සලකන බැසිලස්ක් සතෙකුගේ බැල්මෙන් වත් මොවුන්ට කිසිම බලපෑමක් නෑ 🐍.මොවුන් අමරණීය සතුන් ලෙසත් හදුන්වන්න පුලුවන්.

Wizarding World එක තුල අපිට ෆීනික්ස් සතුන් දෙන්නෙක් ගැන අහන්න ලැබෙනවා.

1-:Sparkly - පිරිමි සතෙකි.හංසයෙකු පමන විශාලයි.පෙදය ඇතුලුව මුලු ශරීරයම රන්වන් පැහැතිය.මොහුව අයිතිව තිබුනේ Moutohora Macaws නම් පුදගලයෙකු හටයි. නවසීලන්ත ක්විඩිච් කණ්ඩායමක සලකුණක් ලෙසද මේ ෆීනික්ස්ව බාවිතා කරලා තියනවා.

2-:Fawks- පිරිමි සතෙකි. හංසයෙකු ප්‍රමාණයේ සතෙකි.රන්වන් හා රතු පැහැති පිහාටු වර්ණ දරයි.සමේ වර්ණය රෝස පැහැතිය.ස්වාමීත්වය Dumbledore පවුල සතුය.අවසාන ස්වාමියා Albus Dumbledore ය. මීට අමතරව chamber of secrets හීදී Harry Potter හට පක්ශපාතී විය.

තවද මොවුන්ගේ කදුලු💧 වලට සුව කිරීමේ හැකියාව (healing power) ඇත.

මේ මායා යශ්ටි ඉතාමත් බලසම්පන්න වන අත,ඔලිවැන්ඩර්ගේ මායා යශ්ටි අතරින් දුර්ලබම මායා යශ්ටි වර්ගයද වේ.මේ සදහා ෆීනික්ස් කුරුල්ලන්ගෙ පෙදයෙහි පිහාටු බාවිතා කරයි (ෆීනික්ස් පවුලට අයිති කුරුල්ලන්ගෙන් ගන්නේ පෙද පිහාටු උදා-: Thunderbird ⚡tail feather)ඒවගේම මේ සදහා බාවිත කරන්න පුලුවන් කැමැත්තෙන් දුන්නු පිහාටු විතරයි.
මේ යශ්ටි වලින් ඉතා ඉහල පරාසයක මායාවන් කරන්න පුලුවන්.මායා පරාසයෙන් වැඩිම යශ්ටි වෙන්නෙත් මේ යශ්ටිමයි.නමුත් මේ යශ්ටි දිනාගැනීමට ඉතාමත් අපහසු යශ්ටි වර්ගය වෙනවා.මේ යශ්ටි තමයි ස්වාමියෙකු තෝරගද්දී වඩාත්ම සැලකිල්ලක් දක්වන් යශ්ටි වර්ගය වෙන්නේ.මේ යශ්ටි වර්ගය තමාට ඕනෙ විදිහට හීලෑ කරන්න ඉතාමත් අමාරු යශ්ටි වර්ගයක්. ඒවගේම හැම තේරුම්ගැනීමක්ම ඉතාමත් හොදින් සිතා, කල්ගතකර තීරණයන් ගන්නා යශ්ටි වර්ගයක්.ඒවගේම මොවුන් වෙනත් අයෙකුගේ අතට පත්වුනොත් ඔවුන් කරන ශාප පොලාපැනීමකට ලක්වීමත් වෙන්න පුලුවන්😮.තවත් මේ යශ්ටිවල විශේශය තමයි තම ස්වාමියාගේ අණකිරීමකින් තොරව Spell cast කිරීමේ හැකියාවද මේ යශ්ටි සතුය😮. මේ අවස්තාවලදී ස්වාමියාට කිසිදු හානියක් වෙන්නේ නෑ😏.තනියම සිතා වැඩ කලහැකි යශ්ටි විදිහට මේවා හදුන්වන්න පුලුවන්.💪

මේ යශ්ටි අයිතිවීමට ස්වාමියා තුල තිබිය යුතු ගුණාංග කීපයක්ම තියනවා.මේ යශ්ටි අයිති අය ගොඩක් නිර්භීත, උසස් ගතිගුණ තියන, ඉතාමත් නුවණැති, පරිත්‍යාගශීලී, අනුන් වෙනුවෙන් තම ජීවිතය කැප කරන්න උනත් සූදානම්, ඉතාමත් සහයෝගිමත්, මිත්‍ර පාක්ශික අයට තමා මේ යශ්ටි අයිති වෙන්නේ.
තවත් විශේශ කරුනක් වෙන්නේ කෙනෙක් අනෙක් අයට වඩා කැපීපෙනෙන ලෙස වෙනස්නම් ඔවුන්ටත් මේ යශ්ටි හිමිවෙනවා. එකම ෆීනික්ස්ගෙ පිහාටු දෙකක් දාල හදන ද්විත්ව හරයන් සහිත යශ්ටි මීට වඩා වෙනස් . පුද්ගලයන් දෙදෙනෙකු දෙවයෙන් හෝ ඊට වඩා දෙයකින් බැදිලා ඉන්නවනම් ඔවුන් දෙදෙනාට මේ යශ්ටි දෙක හිමිවෙනවා.හරියට හැරී සහ රිඩ්ල් වගේ.😌
මේ විශේශ කරුණු ඇරුනාම මෙයේ යශ්ටි අයත්වෙන අය වැඩිපුරම ඉන්න නිවාසය තමයි Gryffindore ❤️නිවාසය.අනිත් නිවාසවල අයට මේ යශ්ටි නැති තරම්.තවත් කියනවනම් මේවා අයිතිවෙන්නෙ බොහෝදුරට හොද මායාකරයන්ට (light wizard) හැබැයි ඒකෙන් කියවෙන්නෑ මේක  අදුරු මායාකාරයන්ට අයිති වෙන්නෑ කියලා.(ඔව් ඔව් නහය නැති හාදයට තිබ්බා 😂)

මේ යශ්ටි හැම වර්ගයකම මායාවන්ට ගැලපෙනවා.මොකද කියනවනම් යශ්ටි හර වල ඉහලම පරාසයක් තියන යශ්ටි හරය තමයි මේ.මේක අදුරු කලාවන්ට එරෙහි ආරක්ශාව සදහා ඉතාමත් යෝග්‍යයි.ඒවගේම ද්වන්ධ සටන් වලට (Duelling spell) වලටත් හොදයි.මූලධාතු සම්බන්ද මායා (Elimantal magic) වල සුලග🌬️ සහ ගින්දර🔥 යන මූලධාතු දෙක සදහාද මේ යශ්ටි ඉතාමත් උචිතයි.

මේ පිහාටුවක මිලක්නම් සදහන් වෙන්නේ නෑ.ඒත් හැරීනම් මේ හරය තියන යශ්ටිය ගත්තේ ගැලියන් හතකට.

මේ  යශ්ටි අයිති වෙලා තිබුන කට්ටිය තමයි,

1.Harry Potter - Holly wood

2.Tom Marvolo Riddle - Yew wood

3.Silvanus Kettleburn(Prof:Care of magical creatchers) - Chestnut 

4.Celestina Warback(a famous singer) - Larch wood

5. Jacob's sibling (according to Hogwarts Misteryes)

Wand cores - මායා යශ්ටි හරයන්
(Part4)

දැන් මම කියන්න යන්නේ මායා ලෝකයේ තියන දෙවනියට බලවත්ම යශ්ටි හරය ගැන තොරතුරු ටිකක්.ඒ තමයි වීලා කොන්ඩ ගස්.😁

Veela hair core🧚🧚🧚

මේ veela කියලා කියන්නෙ hp universe එකේ වගේම ගොඩක් යුරෝපීය මිත්‍යා කතාන්දර වල ඉන්න සත්ත්ව විශේශයක්. මෙයාලා semi-magical humanoid ඒ කියන්නෙ මිනිස්සුන්ට ගොඩාක්ම සමානවෙන සත්ත්ව විශේශයක්.වාර්තා වෙන විදිහට මේ අයගෙන් ඉන්නෙ ගැහැණු සත්ත්වයින් විතරයි.මෙයාලගෙ තියන විශේශම හැකියාවක් තමයි පිරිමි අය වසග කරගැනීම 🙊.මේ අය සද පානේ🌕...ඝණ අදුරේ🌃.... අත්පටලා කරන නැටුම් වලින් පිරිමි අය වශීවෙනවලු🙊.ඒවගේම මේ අයට wandless magic ඒ කියන්නෙ යශ්ටි රහිත මායාවන් කරන්න පුලුවන්ලු.මේ අයගෙ පාට රිදී සහ රන් මිශ්‍ර වුනු දිලිසෙන පාටක් කියලා තමයි කියන්නෙ.මේ වගේ හිටියට මෙයාලට තරහ ගියපුවාම වස කැත වෙනවලු.. 🙊🙉

මේ core එකේ ලක්ශන ගැන කතා කරොත් මේකට තියෙන්නෙ Temperamental ඒකියන්නෙ ඉක්මනට වෙනස් වෙන ලක්ශණ තියන core එකක් .මේකෙ බලය විහිදෙන පරාසය ගැන සදහන් කරොත් dragon heartstrings 🐉  සහ Phoenix feather 🐦  කියන දෙක අතරමැදට වෙන්න, Phoenix feather එක පැත්තට බරවෙන්න තමයි මේකෙ power range එක පිහිටන්නෙ.ඒවගේම මේක ගොඩක් දුර්ලබ core එකක්.ඒකනිසා අපිට හැරී පෝටර් කතාමාලාවෙදි මේ core එක තියන එක්කෙනෙක්වයි හම්බෙන්නේ.ඒකට හේතුවක් හැටියට කියනවනම් wand එකක් හදන්න veela hair එකක් ගන්නවානම් ඒ hair එක veela විසින් කැමැත්තෙන් දීපු එකක් වෙන්න ඕනෙ.(අකමැත්තෙන් නං අරන් බේරිලා යන්න හිතන්නවත් එපා පුතෝ 😂🔫)

මේ යශ්ටි අයිතිවෙන අයගේ ලක්ශන ටිකක් කතා කරොත්..මුරණ්ඩු අය සමග උනත් වැඩ කරන්න පුලුවන්,ගොඩක් අදිශ්ඨානශීලී, ගොඩක් බුද්ධිමත්, පවුලට සහ තමන්ගේ මිත්‍රයන්ට වටිනාකමක් දෙන, ආදරණීය , පක්ශපාතී, එක තැනකට  හිරකරලා තියාගන්න බැරී,වෙන කෙනෙක්ට පාලනය කරන්න බැරි අයට තමයි මේ wand එක ලැබෙන්නේ.ගොඩක් වෙලාවට  අන් අයව පාලනය කරන්නත් මේ අයට පුලුවන්. හැබැයි ඕනෙ උනොත් ඇරෙන්න හැම වෙලාවෙම ඒ හැකියාව පාවිච්චි කරන්න මේ අය කැමති නෑ.ඒ විදිහට බැලුවොත් මේ core එක ගොඩක්ම තියෙන්න ඕනෙ Rawenclowe 💙 නිවාසෙ අය ගාව. හැබැයි Olivander මේ core එකෙන් යශ්ටි හදන්නෙ නැති නිසා හොග්වර්ට්ස් අය ගාවනං මේක වැඩිය දකින්න ලැබෙන්නෙ නෑ. තව කියනවනං veela ල එක්ක ලේ සබදකම් තියනවනං ඒ අයටත් wand එකක් විදිහට මේ core එක ලැබෙනවා.

මේ wand core එකක් තිබ්බ කෙනෙක් හැටියට අපිට හම්බෙන එකම එක්කෙනා තමයි අර Triwizard Tournament එකට තේරුනු ගෑණු ළමයා Fleur Delacour . ඒකට හේතුව තමයි මෙයා 1/4 ක් veela කෙනෙක් වීම.මෙයාට ඒක wand එක හදන්න hair එක දීලා තියෙන්නේ එයාගෙ ආච්චි අම්මා වෙච්ච veela කෙනෙක්.😯

මේ යශ්ටි veela blood තියන අයට තවත් බලගතු වැඩී කියලා සදහන් වෙනවා.මේවගෙ wood එක විදිහට සාමාන්‍ය ලී වර්ග පාවිච්චි කරන්න බෑ. ඒවටම විශේශ උන ලී වර්ග තමා පාවිච්චි කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට ඩෙලිකෝ ගෙ wand එකේ ලීය තමයි Rosewood 🌹 .රෝස ලීයෙ තියන විශේශත්වය තමා මේ ලීයෙන් නොකඩවා මිහිරි සුවදක් හැමීම.ගොඩක් ආකර්ශණීයම ලී වර්ග තමයි මේකත් එක්ක යොදන්න පුලුවන්.

මේ core එක යොදලා හදන්න පුලුවන් wand වල power and abilities ගත්තොත් මේ යශ්ටි love spells 💘 වලට සාර්තකව යොදාගන්න පුලුවන්.ඒවගේම මේකෙ power එක නිසාම DADA (Defence Againts The Dark Arts) යොදාගන්නවා.තව කිව්වොත් මේ veela ල ලග තියන transfiguration ඒ කියන්නෙ රූපාන්තරණ හැකියාවත් මේ wand වලට වැඩී.ඒවගේම healling spells ඒ කියන්නෙ සුවකිරීමෙ මායාවන් වලටත් මේක සාර්තකව යොදාගන්න පුලුවන්.ඒවගේම Elimantal magic ඒ කියන්නෙ මූලධාතු මායාවන් වල Air 🌬️🌀 වගේම Fire 🔥  වලට මේක සාර්තකව යොදාගන්න පුලුවන්.තව potions, spirit magic, dream magic වලටත් මේ wand යොදාගන්නවා.තව කිව්වොත් මේ wand එක ලග තියන අය Care of Magical Creachers කියන විශයට ගොඩක් දක්ශ අය.

ඉතින් veela haire core 🧚ගැන හොයාගන්න පුලුවන් උනේ ඔච්චරයි.ලබන පාර Thestral  tail haire ගැන මේ ලිපි මාලාවෙ පස්වෙනි ලිපියත් එක්ක ආයෙ හමුවෙමු.
❤️💙💛💚

Sithum_Dillupa_Samarakoon 😁
Nevil_Longbottom 💪    ❤️

(Cover photo - credit goes to Alester Moody)




Comments