HWAJAN
Slytherin 💚🐍
𝕻𝖑𝖆𝖙𝖋𝖔𝖗𝖒 9 3/4 🚉
🔰🔴 9 3/4 නම අැහුන ගමන් යන්න හිතෙනවා නේද 😌. හැම පොටර්හෙඩ් කෙනෙක්ගෙම වගේ හීනයක් තමයි මේ 9 3/4 වේදිකාවට එන හොග්වර්ට්ස් එක්ස්ප්‍රස්🚂 එකෙන් හොග්වර්ට්ස් මායා පාසලට🏰 යන එක. හැබැයි අපි මේ කියන්න යන්නේ හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් ගැනවත් හොග්වර්ට්ස් මායා පාසල ගැනවත් නම් නෙවෙයි. මේ කතාව 9 3/4 වේදිකාව ගැන.
🔰🔴 මාතෘකාවේ ආරම්භය සුන්දර උනත් මුල්කාලයේදී හොග්වර්ට්ස් වලට යන ගමන නං එතරම් සුන්දර නෑ. ඒ මොකද කියලා අපි කතා කරලම ඉමු.
🔰🔴
හොග්වර්ට්ස් මායා පාසලට පැමිණීම සඳහා අතීතයේදී තම කැමැත්ත පරිදි විවිධ ක්‍රම භාවිතා කරනවා. මායා කොසු භාවිතා කර පැමිණීම එක් ක්‍රමයක්. ඒත් ට්‍රන්ක පෙට්ටි, බඩුමුට්ටු එක්ක එන එක ගොඩක් අමාරු දෙයක් උනා. ඇතැම් අය මායා කරත්ත යොදාගත්තා. සමහරු Apparate වීම මගින් (එක් තැනකින් අතුරුදහන් වී තවත් තැනකින් මතු වීම) Hogwarts පැමිණීමට උත්සහ ගත් නමුත් පාසලේ ආරක්ෂාව උදෙසා හොග්වර්ට්ස් වල මේ Apparate මායාවන් වැලැක්වීම සඳහා Anti-apparition මායාවන් භාවිතා කර තිබුනා. මේ හේතු නිසා Apparate මායවන්ගෙන් Hogwarts වලට පැමිණීමට උත්සහ කරපු ගොඩක් දෙනා බරපතල අනතුරු වලටද මුහුණ දුන්නා.
🔰🔴 ඒ වගේම සමහරු නොයෙක් වර්ගවල මායා සත්වයන්ගෙ පිට මතින් හොග්වර්ට්ස් වලට පැමිණියා. අදටත් තහනම් වනාන්තරය තුල වෙසෙන Hogsmeade දුම්රිය ස්තානයේ සිට හොග්වර්ට්ස් තුලට සිසුන් ගෙන යන කරත්ත (5 වන චිත්රප්ටියේ දක්නට ලැබුණු) අදින Threstals සත්වයින් අතීතයේදී සිසුන් හොග්වර්ට්ස් පැමිණි සත්වයන්ගෙන් පැවත එන බවට විශ්වාසයක් තියෙනවා.
මෙවැනි අක්‍රමවත් ක්‍රම හා මාර්ගයන් භාවිතා කිරීම නිසා සෑම වසරකම පාහේ බොහෝ අනතුරු සිදුවුනා. ඒ වගේම කොසු ආදියා මගින් පියෑඹීමෙන් උතුරු දෙසට ගමන් කරන මායාකාරයින්ව අහස දෙස බලන සාමාන්‍ය මිනිසුන්ට (මගල් Muggle) ලට ඇතැම් වෙලාවට දකින්නට ලැබුණා. මෙවැනි හේතූ නිසා තම දරුවන්ව ආරක්ෂිතව නියමිත ගමනාන්තයට රැගෙන යාම දෙමාපියන්ට පැවරුණු භාරදූර කටයුත්තක් වුණා.
🔰🔴 International Statue of Secrecy (1962) කියන නීතිය සම්පාදනය වීමත් සමග ඒ යටතේ මායා අමාත්‍යාංශය තීරණය කළා ඉතා ආරක්ෂිත ඒ වගේම රහසිගත ක්‍රමයක් සකස් කරන්න. මේ මගින් බලාපොරොත්තු උනේ සිය ගණනක් වූ මායා සිසුන්ව නිරුපද්‍රිතව ස්කොට්ලන්තයේ කඳුවලින් වටවුණු හොග්වර්ටස් මාලිගාව තෙක් රැගෙනයාම.
🔰🔴 පළමුව මේ සඳහා Portkey යොදාගෙන බලනවා. මේ Portkey කියන ඒවා බොහොවිට එතරම් විශාල නැති ද්‍රවයක් ව්ව්නවා. මේවා ක්‍රියා කරන්නෙ පුද්ගලයෙකුගේ ස්පර්ෂ කිරීම මගින් මායා කර්ම ඔස්සේ කලින් තීරණය කරන ලද තැනකට එම පුද්ගලයාව ක්ෂණිකව රැගෙන යන පරිදියි. Portkey එක්ක් බවට පත් කරන ඕනෑම ද්‍රව්‍යයක් නියමිත වෙලාවකට විතරක් වැඩ කරන විදියට ද හදන්න පුලුවන් නිසා අදාල නියමිත දින්යේ නිවැර්දි වෙලාවට මේවා භාවිතා කරමින් ලමුන් Hogwarts වලට ගෙනියන්නට පුළුවන් වෙනවා.
🔰🔴 ඒත් මෙලෙස සිදුකිරීමට යාමේදී ද අනපේක්ෂිත ගැටලු රාශියක් ඇතිවුණා.
සමහරුන්ට අර නියමිත කාලය තුල Portkey එක වෙත පැමිණීමට නොහැකි වෙනවා. තවත් සමහරුන්ට මේ Portkey එකක් බවට පත් කළ වස්තුව සොයාගැනීමට හෝ හඳුනාගැනීමට අපහසු වෙනවා. සමහර සිසුන්ට මේ ක්‍රමයේදී කැරකිල්ල වමනය වැනි රෝග ඇති වෙන්න උනා. මේ වගේ දේවල් නිසා වාර්ෂිකව තුනෙන් එකක පමණ සිසුන් පිරිසක් අපහසුතාවයට පත් උනා. ඒ වගේම අසනීප වූ සිසුන්ට පළමු දවසේම (හොඳම දවස 😁) රෝහලේ ඇඳක් මත ප්‍රතිකාර ගන්න සිදුවුණා. මෙම හේතු නිසා කල්යත්ම බියට පත්වුණු බෝහෝ සිසුන් Portkey භාවිතය ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. එම හේතුව නිසා මායා අමාත්‍යාංශය තේරුම් ගන්නවා මේ Portkey භාවිතයත් අසාර්ථක බව.
🔰🔴 නැවතත් පෙර පරිදිම ගැටලුවකට මායා අමාත්‍යාංශයට මුහුණ දෙන්න වෙනවා. 😐 සාම්ප්‍රදායික ක්‍රම වලින් නැවතත් සිසුන්ට සිය අභිමතය පරිදි පාසල් යාමට ඉඩදීමටත් මායා අමාත්‍යාංශය අකමැති වෙනවා.
🔰🔴 Floo Powder 🔥 (දුම් කවුලු තුලින් ගමන් කිරීම සඳා ඇති ක්‍රමවේදයක්) වගේ ආරක්ශිත ක්‍රමයකට යන්න මායා අමාත්‍යාංශය තීරණය කළත් හොග්වර්ට්ස් වල ප්‍රධානාචාර්ය වරුන්ගේ විරුද්ධත්වය එයට එල්ලවෙනවා. ඔවුන්ගේ අදහසට අනුව එමගින් පාසලේ සිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකු බව ප්‍රකාශ කර සිටියා. එයට හේතුව ලෙස අනවසරයෙන් ඕනෑම කෙනෙකුට ඇතුලු වීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නා.
🔰🔴 මේ ප්‍රශ්නෙට පළමු වරට සාර්ථක විසඳුමක් ඉදිරිපත් කරන්න මායා ඇමතිනිය බවට පත් වූ Ottaline Gambol සමත් වෙනවා. ඇය ඒ සඳහා Muggle තාක්ෂණය ඔස්සේ නිර්මාණය වුනු දුම්රියක් භාවිතා කළ හැකි බව ප්‍රකාශ කරනවා. එයට තවත් ලෙසකින් බලපෑවේ Muggle වරුන්ගේ තාක්ෂය පිළිබඳ ඇය තුල වූ පැහැදීමයි. මෙය ඉතා මතභේදාත්මක තීරණයක් බවට පත් වුණා. එම සංකල්පය ක්‍රියාවට නැංවීමේ ප්රථිඵලයක් ලෙස 9 3/4 වේදිකාව සහ හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් දුම්රියක් නිර්මාණය වුණා.
🔰🔴 නමුත් මෙය එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. Hogwarts Express එක ගමන් කරවීම සඳහා නැවතුම් ස්ථාන දෙකක අවශ්‍යතාවය තේරුම් ගත්තා. හොග්වර්ට්ස් ආසන්නයේ නැවතුම්පලක් සැකසීම එතරම් දෙයක් නොවුණත් ලන්ඩන් වැනි ප්‍රධාන නගරයක් තුල සාමාන්‍ය ජනතාවට හසු නොවී නව නැවතුම්පළක් සෑදීම පහසු නොවන බව තේරුම් ගත්තා.
🔰🔴 මෙයට සාර්ථක ඉසඳුමක් ලබාදීමට ඊළඟ මායා ඇමතිනිය වූ Evangeline Orpington මහත්මියට හැකිවෙනවා. ඒ තමයි නව නැවතුම්පළක් වෙනුවට නව වේදිකාවක් පමණක් සාමාන්‍ය ජනතාව භාවිතා කරන නැවතුම්පළක් තුලම ඔවුන්ට නොපෙමෙන ලෙස සෑදීම. ඒ අනුව නිර්මාණය කිරීමට තීරණය කළ වේදිකාව තමයි Platform 9 3/4 හෙවත් නමයයි තුන් කාල වේදිකාව. මේ වේදිකාවත් Hogsmeade වල නව නැවතුම්පළත් සෑදීමට මගල් වරුන්ගේ තාක්ෂණය භාවිතා කරන්න සිදු වුණා. එය සිදුකළ ආකාරය අභිරහසක් වුනත් මායා අමාත්‍යංශයේ රහස් ලිපිගොනු වල මේ මෙහයුම සිදුකළා ආකාරය සඳහන් වෙනවා. මේ සඳහා මගල් සේවකයන් වෙනුවෙන් භාවිතා කළ මතකයට බලපෑම් කළ හැකි මායාවන් හැට හතක්ද එතෙක් බ්‍රිතාන්‍යයේ සිදුවුනු විශාලම යමක් සැඟවීමේ මායාව (Concealment Charm) යොදාගත් බව දැක්වෙනවා.
🔰🔴 මේ විශාල මෙහෙයුම අවසානයේ එක්තරා උදෑසනක Hogsmeade නම් මායා ගමේ වැසියන් රතු පැහැ දුම්රිය එන්ජිමක් සහ එයට සම්බන්ධ කළ දුම්රිය මැදිරිද සහිත හොග්වර්ට්ස් ශීඝ්‍රගාමී දුම්රිය නවත්වා ඇති කුඩා නැවතුම් පළක් දැක පුදුමයට පත් වෙනවා. 😍😍😍
ඒත් ආසන්න නගරයක් වූ Crewe හි සේවයේ නියුතු මගල් දුම්රිය සේවකයන් සිය පසුගිය වසරක කාළයක් පුරාවට සිදුකළ කුමක් හෝ දෙයක් පිළිබඳ අමතක වූ හැඟීමකින් පසුවන්නට වුනා. 🤭🤪
🔰🔴 විවිධ මායාවන් එකතු කිරීමෙන් ආරක්ෂිත කරන ලද දුම්රියට මායා අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වෙනවා.
🔰🔴 ඇතැම් පිරිසිදු රුධිරය දරන Pure Blood මායාකරුවන්ගේ පවුල් සිය දරුවන්ව මේ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රවාහන ක්‍රමයකින් ගමන් කරවීමට එතරම් කැමති වෙන්නෙ නෑ. ඔවුන්ට අනුව මෙය ඉතා අනාරක්ෂිත, පහත් ක්‍රමයක් වුණා. එහෙත් මායා අමාත්‍යාංශය නියෝග කර සිටියේ හොග්වර්ට්ස් පාසල වෙත ළමුන් යැවීමට අවශ්‍ය නම් එය දුම්රිය මගින්ම සිදු විය යුතු බවත් අන් විකල්ප ක්‍රම භාවිතා කළ නොහැකි බවත් ය. අවසානයේ ඔවුන්ගේද කැමැත්ත මේ සඳහා ලැබෙනවා.
🔰🔴 කිංග්ස් ක්‍රොස් හි පළමු සැඟවුණමේ වේදිකාව එහෙම බැලූ බැල්මට පේන්නෙ නෑ. මොකද ඒක තියෙන්නේ සාමාන්‍ය වේදිකා අංක 9ත් 10ත් අතර තියෙන ඝන බාධකයකින්. මේ බාධකය හරහා කෙලින්ම ගමන් කිරීමෙන් අපිට මේ වේදිකාවට යන්න පුළුවන්. 9 3/4 ට අමතරව පසු කාළයේදී සෑදූ 9 1/4 සහ 9 1/2 වේදිකා දෙකත් මෙතන තියනවලු. ඒව යනවා යැයි සඳහන් වෙන්නෙ අනෙකුත් ඉන්ද්‍රජාලික ගම්මාන වලට. 😊
ඒ වගේම විශේෂිත අවස්තා වෙනුවෙන්ම සඟවා පසුව ඉදිකර ඇති වේදිකාද පවතින බව සඳහන් වෙනවා. මොකද කියන්නෙ කට්ටිය එක්ක යමුද.👣🙊☺️
🔰🔴 ඉතින් 9 3/4 වේදිකාව මෙතෙක් සෑදූ සාර්ථකම ගමන් මාර්ගය උනත් ඇතැම් අවස්තාවල සුළු ගැටලුකාරී තත්ව ඇතිවුණා. ඒ අතරින් සිසුන්ගේ ට්‍රන්ක පෙට්ටි ඇරී මායා පොත් එලියට පැමිණීම, එක්වරම බිත්තියක් තුලින් සිසුන් ඝෝෂාවක් සමග අතුරුදහන් වන ආකාරය සාමාන්‍ය මිනිසුන් දැකීම සුලභව සිදු වුණා. මේවා පාලනය කිරීම සඳහා එංගලන්තයේ කිංග් ක්‍රොස් නැවතුම්පළ තුල නමයයි තුන්කාල වේදිකාවට ආසන්නව සාමාන්‍ය මිනිසුන්ගේ ඇඳුමින් සැරසුනු මායා අමාත්‍යංශයේ නිලධාරීන් සූදානම්ව සිටිනවා. කවුරුන් හෝ සාමාන්‍ය වැසියෙකු මේ සිදුවීමක් දුටුවහොත් එම පුද්ගලයාගේ මතකය වෙනස් කිරීම මෙම නිලධාරීන්ගේ කාර්යය වෙනවා.
🔰🔴 සෑම සැප්තැම්බර් 1 වන දිනම 🖤 ඔරලෝසුවේ වෙලාව එකොළහට🕚 ළඟාවන විට විශාල ට්‍රන්ක් සහ තම සුරතලුන් රැගත් ළමුන් මේ වේදිකා අංක 9ත් 10ත් අතර ඇති බාධකය හරහා ගමන් කරනවා. ඔයාලට මතක ඇතිනේ හැරී පළමු වරට 9 3/4 වේදිකාව භාවිතා කරන්නේ 1991 සැප්තැම්බර් 1 දා. නමුත් ඔහු දැන සිටියේ නෑ ඒ හරහා ගමන් කරන හැටි. මොලී වීස්ලිගේ සහයෙන් රොන් එක්ක මේ දොරටුව හරහා ගමන් කරනකොට වටකුරු මුහුණකින් යුත් පිරිමි ළමයෙකු තම ආච්චිට තමන්ගේ වලිගය නැති වී ඇති බවත්, තම සමවයස් මිතුරන්ට Tarantula වෙකු පෙන්වන පිරිමි ළමයෙකුත් පසු කර ගිය බව පවසා තියෙනවා.😨😱 ඒ වගේම 1992දී හැරීට සහ රොන්ට මේ වේදිකාවට යන දොරටුව පසුකරන්න බැරි වෙනවා. ඒ ඩොබී විසින් හැරී සහ රොන් පාසල් යන එක වළක්වන්න දොරටුව අවහිර කරපු නිසා. මතකනේ ඊට පස්සෙ වෙච්ච දේ🤦🤦
🔰🔴 බාධකය හරහා වේදිකාවට පැමිණ පිටුපස හැරිලා බැලුවොත් වේදිකා අංක "9 3/4" ලෙස සඳහන් කරපු යකඩ පුවරුවක් එල්ලපු ආරුක්කු මාර්ගයක් දැක ගන්නත් පුලුවන්. පොත්වල 📚 මේ දොරටුව ලෝහයෙන් සාදා ඇති බව විස්තර කළත් චිත්‍රපට වල එය ගඩොල් බිත්තියක් ලෙස පෙන්වයි. ඒ වගේම තමයි මේ කිංග්ස් ක්‍රොස් ස්ටේෂන් එකේ බිත්තියෙන් හරි අඩක් සිරවුණු සැබෑ ට්‍රොලියක්ද තබා තිබේ.
🔰🔴 9 3/4 වේදිකාව සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ වසරකට දින හයක් පමණයි. ඒ පාසල් වාරයේ ආරම්භය හා අවසානය සඳහා වන චාරිකාවලට මෙන්ම නත්තල් හා පාස්කු නිවාඩු සඳහායි. ඒ දවස්වලට නම් මේ වේදිකාවට කිසිම පාලුවක් නෑ. මොකද තම සුරතලුන් සමඟ එහා මෙහා ගමන් කරන ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වේදිකාව පිරිලා ඉතිරෙනවනේ. 🕚11ට දුම්රිය පිටත්වන බව නිවේදනය කරන නලා හඬ ඇසුනම සිසුන් සියලු දෙනාම දුම්රියට නගින අතර වේදිකාවේ තියෙන හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් එක තද දුම් වළාවක් නගමින් ඉදිරියට ඇදෙන්නේ වේදිකාවේ ඉන්න පවුලේ සාමාජිකයන්ගේ ආදරණිය සමුගැනීමත් සමඟමයි. 💗
ඉතින් මේ විදියටම පාසල් වාරයක් අවසන් වුනාම වේදිකාවේ තියෙන ඉන්ද්‍රජාලික දොරටුව හරහා නැවතත් ඔවුන් සාමාන්‍ය ලෝකය වෙත පැමිණෙනවා. 😍
▪️ලිපිය ගොඩක් දිග උනත් කියන්න දේවල් ගොඩක් තිබ්බ නිසා ඒ සේරම සඳහන් නොකර ඉන්න බැරි වුණා.
◾මේක අපි දෙන්නා සහයෝගයෙන් ලියපු එකක්. කියවපු අය අඩුපාඩු තියෙනවනම් ඒවත් කියන් යන්න කියලා ඉල්ලනවා. ☺️
◾අපි ස්ලිදරින් නිවාසය වෙනුවෙන්
Merope_Gaunt_Riddle 🖤🐍
&
💕💕💕💕💕💕💕
Comments
Post a Comment