⬛️ඉන්ද්‍රජාල හා ඒවායේ විකාශය⬛️
"මට ඒවා ස්පර්ශ නොකර දේවල් චලනය කල හැකියි. සතුන් පුහුණු නොකර ඔවුන් ලවා මට අවශ්‍ය දේ කිරීමට හැකියි. මට අවශ්‍ය නම් ඔවුන් රිදවිය හැකියි"
-ටොම් රිඩ්ල්-
මැජික් යනු යථාර්තයේ ව්‍යුහය මූලික මට්ටමින් වෙනස් කල හැකි අත්භූත බලවේගයකි. මැජික් , ස්කන්ධ හා ශක්ති සංස්ථිති නියමය ඇතුළු බොහෝ ආකාර වලින් භෞතික විද්‍යාවේ නීති අනුගමනය කරයි. සාමාන්‍යයෙන් වස්තූන් අතුරුදහන් වීම අසාමාන්‍ය සංසිද්ධියකි. නමුත් මහාචාර්ය මැගෝනිගල්ට අනුව අජීවී වස්තු සියල්ලම අතුරුදහන් කිරීමට හැකියාවක් ඇති අතර එසේ වස්තූන් අතුරුදහන් කළ හැක්කේ තාවකාලික කාලයක් සදහා පමණක් වන අතර පුපුරා යාමකින් හෝ ක්ෂය වී යාමකින් තොරව වස්තුවක් සීමිත ප්‍රමාණයකට වඩා කුඩා කිරීම හෝ විශාල කිරීම කල නොහැකි වේ.
මැජික් පිලිබද මූලික සංකල්ප තරමක් සරල වන අතර ඒ සදහා වයස බලනොපායි. අවුරුදු දෙකක ළදරුවකුට වුවද ඉන්ද්‍රජාල කල හැකි අතර ඉන්ද්‍රජාල පාසල් මගින් තමන්ට ආවේණික ඉන්ද්‍රජාල ශක්තිය අනිසි ලෙස භාවිතා කිරීම පාලනය හා සහජ බලය වැඩිදියුණු කිරීම , ඉන්ද්‍රජාල කලාව හා හැසිරවීම යනාදී දෑ උගන්වනු ලැබේ.
ඉන්ද්‍රජාලික පරම්පරාවල ඉපදෙන දරුවන් උපතේදීම තමන්ට අයත් වන පාසලේ ලියාපදිංචි වේ.
🔘T̠r̠a̠n̠s̠m̠i̠s̠s̠i̠o̠n̠ A̠n̠d̠ U̠s̠e̠r̠s̠🔘
මිනිසුන් තුළ මැජික් කිරීමට ඇති හැකියාව හෝ අවශ්‍යතාවය සහජ ලක්ෂණයකි .උපතින්ම ඉන්ද්‍රජාල කිරිමේ හැකියාව ඉන්ද්‍රජාල දෙමාපියන්ට ඉපදෙන දරුවන්ට සම්මතයක් වන අතර මග්ල් දරුවන් තුල දුර්ලභය.
මැජික් භාවිතා කිරීමේ හැකියාව පරම්පරාවෙන් පැවත එන අතර muggle-born සහ Squibs(ඉන්ද්‍රජාලික දෙමාපියන්ට දාව ඉපදුන ඉන්ද්‍රජාල ශක්තිය නොමැති අය) අයට කල නොහැකි අතර මග්ල් වරුන් මායා ලෝකයෙන් වෙන් කර පවතී.
මග්ල්වරු ඉන්ද්‍රජාල හා ඉන්ද්‍රජාලික ලෝකයක් පවතින බව නොදැන සිටීමට ප්‍රධාන හේතුව මායාකරුවන්ගේ රහස්‍යභාවය පිළිබද ජාත්‍යන්තර ප්‍රතිපත්තියට අනුව ඉන්ද්‍රජාලිකයන් නිරතුරුවම ඔවුන්ගේ ඉන්ද්‍රජාල හැකියාවන් මග්ල් ලෝකයෙන් සගවා තැබිය යුතු නිසයි.
මැජික් සදහා ආදේශකයක් ලෙස මග්ල්වරුන් තාක්ෂණය භාවිතා කරන අතර මැජික් හෙවත් ඉන්ද්‍රජාල මග්ල් ලෝකයට හෙලිකළ හොත් එය රසායන විද්‍යාව , භෞතික විද්‍යාව , ජීව විද්‍යාව සමග විද්‍යාවේ සිව්වන ශාඛාවක් ලෙස සැලකිය හැකි වේ.
"එල්ෆ් මැජික් ඉන්ද්‍රජාලිකයන්ගේ මැජික් වගේ නෙවෙයි නේද?"
-රොන් වීස්ලී-
මිනිසුන්ගේ ඉන්ද්‍රජාල වලට වඩා ඇතැම් අංශ වලින් ශක්තිමත් වන වීලාවන් , ගොබ්ලින්වරු , එල්ෆ්වරු වැනි මැජික් සිදු කල හැකි සත්ත්වයින් සිටින අතර මෙය සුරංගනා කතා වල "දුර්වල මැජික්" ලෙස හදුන්වයි.
🔘 H̠i̠s̠t̠o̠r̠y̠ O̠f̠ M̠a̠g̠i̠c̠ 🔘
▪️පුරාණ මැජික් සංස්කෘතීන්▪️
ඊජිප්තු මායාකරුවන් සොහොන් ගෙවල් වලට ශාප (ඉන්ද්‍රජාල වර්ගයක්) කරන ලදී. වර්තමානයේ ග්රින්ගොට්ස් මායාකරුවන්ගේ බැංකුව සදහා සේවය කරන ශාප බිදින්නන් එම සොහොන් වල නිධන් කර ඇති නිධානය නැවත ලබා ගැනීමට උත්සාහ කරයි. එක් පිරමීඩයක මග්ල් වරුන්ගේ විකෘති ඇටසැකිලි ඇති අතර ඒවා කැඩී ගොස් අමතර "හිස් හා දේවල්" වැඩී ඇත.
ඉන්දියානු මායාකාරියන් විසින් "සර්පයන් කැදවීමේ ඉන්ද්‍රජාල " නිර්මාණය කල අතර එය " Snake charmers" ලෙස හැදින්වෙන මායාකාරියන් විසින් භාවිතා කරනු ලැබේ.
පුරාණ ග්‍රීසියේ භාවිතා වූ අදුරු මැජික් අදටත් භාවිතා වේ.
Herpo the Foul විසින් පලමු බැසිලික් සත්ත්වයාව නිර්මාණය කළ අතර ඒ කාලය තුළ දරුණුතම ඉන්ද්‍රජාලය වන " Horcruxes" ද මොහුගේ නිර්මාණයකි.
◾️ක්‍රි.ව. 100
⭐️මග්ල්වරු මායාකරුවන් පිළිබද ඇති වූ දැඩි අවිශ්වාසය හා ඔවුන්ව දඩයම් කිරීම වැඩි වශයෙන් සිදුවූ කාල වකවානුවයි.
⭐️එකල සිටි ශ්‍රේෂ්ඨතම මායාකරුවන් සිව් දෙනා විසින් හොග්වාර්ට්ස් මායා පාසල නිර්මාණය කරන ලදී.
⭐️හොග්වාර්ට්ස් පාසලට පිවිසිය හැක්කේ පිරිසිදු රුධිරය ඇති මායාකරුවන්ට පමණක් බව පවසා දැඩි අරමුණක සිටි සලාසාර් ස්ලිතරින් ඒ සදහා රහසේ රහස් කුටිය නිර්මාණය ද සිදු වූයේ මේ කාලයේදීයි.
◾️ක්‍රි.ව. 1000-1300
⭐️මායා ලෝකය මැජික් කවුන්සිලය(වෝර්ලොක් කවුන්සිලය) මගින් පාලනය කරන ලදී.
⭐️මායාලෝකය හා මග්ල් ලෝකය අතර අවිශ්වාසය වර්ධනය විය.
⭐️Triwizard Tournament සහ Quidditch තරග හදුන්වාදීම හා ඒවායේ ආරම්භය සිදු විය.
◾️ක්‍රි.ව. 1300
⭐️මග්ල්වරු විසින් මායාකාරයන් පුළුස්සා දැමීම බහුලව සිදු විය.මග්ල්වරු මැජික් වලට බෙහෙවින් බියවූ අතර හරිහැටි මැජික් හදුනාගැනීමේ හැකියාවක් නොවීය.
⭐️එල්ෆ් වරුන්ට හා ගොබ්ලින්වරුන්ට විරුද්ධව මායාලෝකයේ කැරලි ඇති විය.
◾️15 වන සියවස.
⭐️1400 අගභාගයේදී Daisy Dodderidge ලන්ඩනයෙන් පිටත්වන මාර්ගයක් ලෙස Leaky Cauldron ආරම්භ කල අතර එය මායාලෝකය හා මග්ල් ලෝකය අතර හුවමාරු බැම්මක් (මාර්ගයක්) නිර්මාණය කරන ලදී.
◾️17-19 සියවස
⭐️ගොබ්ලින් කැරැල්ල බ්‍රිතාන්‍ය පුරා පැතිර ගියේය.
⭐️St. Mungo's රෝහලේ ආරම්භය සිදු විය.
⭐️ඉන්ද්‍රජාලික ජනතාවට ඉතා අදුරු යුගයක් විය.
⭐️International Statute of Wizarding Secrecy පිහිටවනු ලැබූ අතර ක්විඩිච් සිට මකරුන් දක්වා සෑම දෙයකම රහස්‍යභාවය පවත්වාගැනීම මෙමගින් සිදුවිය.
⭐️1750 වන විට සෑම රටකම මැජික් අමාත්‍යාංශයක් පිහිටවනු ලැබූ අතර එමගින් ශාක හා සත්ත්ව විශේෂ පාලනය හා රහස්‍යභාවය පිළිබද වගකීම් දරයි.
⭐️19 වන ශතවර්ෂයේ යෝධයන් එකිනෙකා හා සටන් කරමින් තම විශේෂයන් වදවී යාමේ මට්ටමට ගෙන ආහ.
⭐️1881 දී ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ උපත සිදු විය.
◾️20 වන සියවස - වර්තමානය.
⭐️ජෙලට් ග්‍රින්ඩෙල්වෝල්ඩ් බලය උදෙසා සටන් වැදුනු යුගයයි.
⭐️ටොම් රිඩ්ල් වොල්ඩමෝට් සාමිවරයා බවට පත් වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ මායා ලෝකය පාලනය කිරිමට ප්රයත්නයන් දෙකක් දැරූ අතර 1970දී පලමු සටන ජේම්ස් හා ලිලී පොටර් ගේ මරණයෙන් අවසන් විය.
පළමු සටනේදී වොල්ඩමෝට් වෙනුවෙන් සටන් කල
යෝධයන් උතුරු යුරෝපයට පසු බැස ගිය අතර වසර 13කට පසු වොල්ඩමෝට් බලයට පැමිණ මැජික් අමාත්‍යාංශය අත්පත් කර ගත් ගතර 1981දී හැරී පොටර් විසින් ඔහුව පරාජය කරන ලදී.
🔘S̠p̠e̠l̠l̠c̠a̠s̠t̠i̠n̠g̠🔘
Spells යනු මායාලෝකයේ වැදගත්ම (ප්‍රධානම) අංගයක් වන අතර ඉන්ද්‍රජාලිකයන් විසින් අගුල් විවෘත කිරීම, ගිනි තැබීම් , පිපිරීම් වැනි කුඩා කාර්යයන් සිට සමූල ඝාතන සිදු කිරීම දක්වා භාවිතා කරයි.
Spells ප්‍රධාන වශයෙන් ඛාන්ඩ කිහිපයක් ඇති අතර ඒවා Charms , Curses , Hexes හෝ Jinx ලෙස වර්ග කරයි. මේවා මැජික් යෂ්ටියක් භාවිතයෙන් සිදුකරන අතර එසේ නොකරද මායාකර්ම සිදුකල හැකි විශේෂිත හැකියාවක් ඇති දක්ෂ මායාකරුවන් සුළු ප්‍රමාණයක් සිටී.
ඉන්ද්‍රජාල වාචික හා වාචික නොවන ලෙස සිදු කල හැකි අතර වාචික නොවන ලෙස ඉන්ද්‍රජාල සිදුකල හැකි මායාකරුවන් දුර්ලභ වේ. (EX: ඇල්බස් ඩම්බල්ඩෝර්)
ඉන්ද්‍රජාලද වාචික හා වාචික නොවන ලෙස වර්ග දෙකකි. Levicorpus වාචික නොවන මායාකර්ම සදහා උදාහරණයකි.
🔘මැජික් පිලිබද අධ්‍යනය Hogwarts මායා පාසලේ අංශ කිහිපයකින් සිදු කරනු ලබයි.
◾️History of Magic
◾️Arithmancy
◾️Herbology
◾️Potions
◾️Charms
◾️Transfiguration
◾️Dark Arts
◾️Legilimency
සටහන:-
Shashini (Lilly)
Comments
Post a Comment