🙌හොදයි.. අද මන් ඔයාලට කියන්න යන්නෙ කඩකරන්න බැරි පොරොන්දු ජාතියක් ගැන. හැ.... ඒ මොකක්ද ඒ..🤔ඒතමයි සිංහලෙන් කියනවනම් නොබිදිය හැකි භාරය.(The Unbreakable Vow).ඉතින් අද අපි බලමුකො මොකක්ද මේ නොබිදිය හැකි භාරය (The Unbreakable Vow) කියන්නෙ මොකක්ද කියල.🤔
☠️මොකක්ද මේ නොබිදිය හැකි භාර කියන්නෙ.මොන වගේ දෙයක්ද මේ.නොබිදිය හැකි භාරයක් කියන්නෙ යම් මායාකාර පාර්ශව දෙකක් හරි එහෙමත් නැත්නම් මායාකරුවන් හරි මායාකාරියන් හරි දෙන්නෙක් අතර ගොඩනංවනු ලබන එක්තරා ආකාරයක ඉන්ද්‍රජාලික කොන්ත්‍රාත්තුවක්. ඉතින්.., මොකක්ද මේකෙ අනිත් ඒවට වඩා තියෙන විශේෂත්වෙ.මේ නොබිදියහැකි භාරයක
(Unbreakable Vow) තියෙන විශේෂත්වය තමා මේ නොබිදිය හැකි භාරයක්(An Unbreakable Vow)ගොඩනංවන මායාකාර පාර්ශව දෙකෙන් හෝ මායාකරුවන් හරි මායාකාරියන් හරි දෙන්නගෙන් කවුරු හරි මේ පොරොන්දුව කැඩුවොත් ඔහුට හෝ ඇයට හෝ එම පාර්ශවයට මරණය😱 කියන ඉරණම අත් වීමයි.
☠️ඉතින් අපි බලමුකො මේ නොබිදිහැකි භාරයක්(An Unbreakable Vow) කරන්නෙ කොහොමද කියල.මේ නොබිදියහැකි භාරයක, ඒ කියන්නෙ Unbreakable Vow එකක මුල් කොටසෙදි සිද්දවෙන දේ මේ විදිහට සදහන් වෙන්නේ. """මයා යශ්ටියෙන්(wand) නිකුත්වෙන ඉතා දීප්තිමත් අත්ශයින් සිහින් ගිනිදැල්ලක් භාරය සිදුකරන දෙදෙනාගේ දෑත් එහ් ගමන් මාර්ගයේ ඉතා සිහින් ,උණුසුම් ගිනි වයරයක ආකාරයට තුවාල කරයි"""යන ආකරයටයි.🤨
☠️(අපෝ කෝ මූ තාම මේ මගුල කරන හැටි හරියට කිව්වෙ නෑනෙ)😂.හරි හරි කියන්නම්.එහෙනම් අපි දැන් බලමු මේ නොබිදිය හැකි භාරයක් (An Unbreakable Vow) සම්පූර්ණයෙන්ම කරන්නෙ කොහොමද කියල.මුලින්ම මේ භාරය කරන මායකරුවන් හරි මායාකරියන් හරි දෙන්න දණගහගෙන හරි හිටගෙන හරි මූනට මූන බලාගෙන ඒ දෙන්නගෙ දකුණු අත් අල්ලගෙන ඉන්න ඕනෙ.ඊලගට තුන්වෙනි පාර්ශවයක් මේ අත් අල්ලන් ඉන්න දෙන්නගෙ අත් ලගට ඇවිත් හිටගෙන ඔහුගේ හෝ ඇයගේ යශ්ටියේ(wand)කෙලවර භාරය(vow)ඇති කරන දෙන්නගෙ සම්බන්ද වෙච්ච අත්වලින් තියන්න ඕනෙ(සාක්ෂිකාරයෙක් විදිහට). ඊට පස්සෙ පලවෙනිය අනිත් කෙනාගෙන් භාරයන් ගාන අහන්න ඕනෙ.ඊට පස්සෙ දෙවෙනිය පිලිගන්න හැම කරුනකදිම සාක්ෂිකාරයගෙ යශ්ටිය අගින් සිහින් ගින්දැල්ලක් නිකුත් වෙලා භාරය ගොඩනගන දෙන්නගෙ අත් එකට ගොතමින් ගමන් කරනව.මේ විදිහට භාරය කරල ඉවර උනාම කවුරුහරි මේ කොන්දේසි කැඩුවොත් භාරය කරපු දෙන්නම මැරෙනව.☠️☠️
☠️ඉතින් මේ මායාව(spell එක)ගොඩක් දුරට දියුණු,දුෂ්කර මායාවක් කියල මොකද, මේක ඉතා දුලබ වගේම ප්‍රබල මායාවක් නිසා.(මොකද කියනවනම් පැහැදිලි හා සාමාන්‍ය කාරනා වලට පවිච්චි කරන්නෙ නැති නිසා)මේ නොබිදිය හැකි භාරයක්(An Unbreakable Vow) කියන මේ අති දුර්ලභ හා ප්‍රබල මායාව කරන්නෙ ඉතාමත් විශ්වාසනීය වගේම ඉතා වැදගත් කාරණා වලට විතරයි.💯💯
☠️ඉතින් ඔන්න මම ඔයාලට එක භයානක වගේම ප්‍රබල මායාවක් ගැන කියල දුන්න..................(😂ඔක්කොම හා කියමුකො.ඔය කෙහෙල්මල කරන තැනක් එහෙම දන්නවනම් කිපම්කො)😂
☠️හරි හරි ඉන්නකො මම ඒකත් කියන්නම්කො.මම දන්න තරමින් නම් මේ නොබිදිය හැකි භාරය අපිට අවස්ථා තුන හතරකදීම දකින්න ලැබෙනව.ඒ අතරින් මුල්ම එක එහෙමත් නැත්නම් මුලින්ම කරපු භාරය ගැන නම් මම ලොකූ දෙයක් කියන්න නම් දන්නෙ නෑ.කමක් නෑ බලමුකො.
1.අපිට හම්බවෙන මුල්ම නොබිදිය හැකි භාරය වෙන්නෙ 1901ට ටික කාලෙකට කලින් යූසෆ් කාමා(Yusuf Kama) කියන පුද්ගලය ඔහුගෙ අම්මව ඔවුන්ගෙන් ඈත් කරපු එකට පලිගැනීමක් විදිහට කෝ(ර්)වස් ලෙස්ට්රේන්ජ්ගේ(Corvus Lestrange) පුත්‍රයා මරනව කියල තමන්ගෙ තාත්තත් එක්ක ඇති කර ගත්තු නොබිදිය හැකි භාරය වෙනව.හැබැයි යූසෆ් මරන්න හිටපු ලමය වැරදි වෙනව.ඒ වගේම ඔහුගෙ හරි ඉලක්කය මේ වෙනකොට මැරිල.ඒ නිසා මේ නොබිදිය හැකි භාරය(An Unbreakable Vow) අහෝසි වෙච්ච බව සදහන් වෙනව.(මම හිතන්නෙ මේක තියෙන්නෙ fantastic beast කතා මාලාවෙ)
2.ඊලගට අපිට හම්බ වෙන නොබිදිය හැකි භාරය(මේක උත්සාහ දැරීමක් විතරයි)වෙන්නෙ 1985දි හෝ 1986 දි ෆ්‍රෙඩ් හා ජෝර්ජ් දෙන්න තමන්ගෙ 5 හැවිරිදි මල්ලි වෙච්ච රොන් එක්ක කරන්න ගිය නොබිදිය හැකි භාරයයි.මුන්ගෙ වෙලාව මේ සෙට් එක අත් අල්ලන් සාක්ශිකාරයෙකුත් එක්ක මේ භාරය කරන්න යනකොටම තාත්තට අහු වෙනව.ඉතිහාසයේ විදිහට වීස්ලි මහත්තය වීස්ලි මහත්මිය තරමටම තරහ ගත්ත එක අවස්ථාව තමයි මේක.මේ වෙලාවෙ වීස්ලි මහත්තය කරපු දෙයකින් ෆෙඩ්ගෙ වම් පැත්තෙ තට්ටම ආයි පුරුදු විදිහට නොඑන දෙයක් උනා කියල කියනව.කොහොම හරි අපේ රජා එතනින් මොකුත් නොවී ගැලවෙනව.😂😂
3.අපිට හම්බෙන ඊලග නොබිදිය හැකි භාරය ගැන නම් කස්ටිය දන්නව ඇති.ඒ තමයි 1996 අඩ ලේ කුමාරය(half blood prince) කතාවෙ අපිට දකින්න ලැබෙන නාසිස්සා මැල්ෆෝයි හා සෙවරස් ස්නේප් අතර ඇති කරගනු ලබන භාරය.මෙකෙදි සෙවරස් ස්නේප් නාසිස්සා මැල්ෆෝයිට පොරොන්දු වෙනව ඩ්රැකෝ මැල්ෆෝයිව Dark Lord පවරපු වැඩේ කරන අතරෙදි ආරක්ෂා කරනව කියල.මේ භාරයේ හා ඩම්බල්ඩෝගෙ ඉල්ලීමක් නිසා තමයි ඩ්රැකෝ astronomy tower එකේදි ඩම්බල්ඩෝව මරන්න යනකොට සෙවරස් ඩම්බල්ඩෝව මරන්නෙ.
4.අපිට හම්බවෙන හතරවෙනි න්බිදිය හැකි භාරය ටිකක් විශේශ එකක්.මේකෙ අවුරුද්දනම් මට මතක නෑ.ඒ තමා crimes of grindewold කතාවෙදි දකින්නට ලැබෙන ග්රින්ඩවෝල්ඩ් හා ඩම්බල්ඩෝ තමන් එකිනෙකාට විරුද්ද නොවෙන බවට පොරොන්දු වී බ්ලඩ් පැක්ට් (blood pact)එකක් හදන එක.
☠️ඉතින් නොබිදියහැකි භාරය (An Unbreakable Vow) ගැන මට ඔයාලට කියන්න තියෙන්නෙ මේ ටික තමයි.ඉතින් හොද ලමයි ටික වගේ හොද නරක එහෙම කියාගෙන යන්නකෝ.
👻🦁☄️Sir.Cadogan☄️🦁👻
Imalka Hirushan
❤️❤️Gryffindor ග්‍රිෆින්ඩෝර් නිවාසය වෙනුවෙන්.❤️❤️
Comments
Post a Comment