Rowena Ravenclaw



හුගකාලෙකින් ලිපියක් ගෙනාවෙ අපේ ලග අනිත් නිර්මාතෘවරු තුන්දෙනා ගැනම ලිපි තියෙනවා නෙ රොවේනා රෙවෙන්ක්ලෝ ගැන විතරයි නෙ නැත්තෙ ඒක හරි මදි වගේ නිසා ඔන්න රොවේනා ගැන පොඩි ලිපියක් ගෙනාවා.
    
                                     💙🦅💙🦅💙

රොවේනා රවෙන්ක්ලෝ ඒ කියන්නේ අපෙ හවුස් එකේ නිර්මාතෘවරි, ඇය  දහවන සියවසේදී ඉපදුනා කියලා තමයි මූලාශ්‍ර වලට තියෙන්නෙ 😇.  ඇය ස්කොට්ලන්තයේ ග්ලෙන්ස් වලින් පැවත එන රෙවෙන්ක්ලෝ පවුලට දාව තමා ඉපදිලා තියෙන්නේ  💙.  රොවේනා කියන්නේ  වේල්ස් නිම්නවල හෙල්ගා හෆ්ල්පෆ්ගේ සමීප මිතුරියකි👭.

 හොග්වාර්ට්ස් මායා පාසල ආරම්භ කලේ  මීට වසර දහසකට පෙර බව ඔයාලා කවුරුත් දන්න දෙයක්නේ . ඒත් දිනයක් ගැන නම් නිශ්චිතය සටහනක් නෑ 😕. යුගයේ ශ්‍රේෂ්ඨතම මායාකාරුවයන් සහ මායාකාරියන් සිව්දෙනා විසිනි තමයි අපෙ හොග්වට්ස් මායා පාසල පටන් අරන් තියෙන්නේ . 

 ලොව හොඳම මැජික් පාසලක් නිර්මාණය කිරීමේ පොදු අරමුනෙන් රොවේනා රවෙන්ක්ලෝ සහ ඇගේ හොඳ මිතුරන් වන හෙල්ගා හෆ්ල්පෆ්, ගොඩ්රික් ග්‍රිෆින්ඩෝර් සහ සල්සාර් ස්ලිදරින් එකතු වෙලා හොග්වාර්ට්ස් කාසල් එක ගොඩනගලා හොග්වාර්ට්ස් මායා සහ විශාරද පාසල  ක්‍රි.ව 993 දී විතර පටන් ගෙන තියෙන්නේ .රොවේනා රෙවෙන්ක්ලෝ ගැන කියද්දි තව වැදගත් දෙයක් තමයි මේක, හොග්වාර්ට්ස්හි පිහිටීම සහ නම යන දෙකම රොවේනා විසින් තෝරාගෙන ඇති බව ඉතිහාසයේ සදහන් වෙනවා . 

පුරාවෘත්ත වලට අනුව ඇයවත් ඇගේ මිතුරනුත් හොග්වාර්ට්ස් තැනුම් භූමියට ගෙන ගෙනිහින් තියෙන්නේ විශාල වල් ඌරෙක්ලු. වල් ඌරා තමයි එතකොට මග පෙන්න්වන්නා වෙලා තියෙන්නේ 😇. හොග්වට්ස් භූමිය නිතර වෙනස් වෙන විදියට පේන්න හදලා තියෙන්නෙත් අපෙ රොවේනා රවෙන්ක්ලෝ තමයි.

 රොවේනා රෙවෙන්ක්ලෝ, රෙවෙන්ක්ලෝ නිවාසය ට සිසුන් තෝරාගත්තේ බුද්ධිය හා පඥාව අනුව.(අනෙ මන්ද ඒක නම් මම මේකට කෝම වැටුනද මන්දා  😂)  රෙවෙන්ක්ලෝ හවුස් එකේ සාමාජිකයන් තුළ තියුණු මනසක්, ප්‍රඥාවක්, නිර්මාණශීලිත්වයක් සහ දක්ෂතාවයක් තිබීම රොවේනා රවෙන්ක්ලෝ අගය කර සලකල තියෙනවා 😎😅 . රොවේනා රෙවෙන්ක්ලෝ ඇගේ කාලයේ වඩාත්ම දීප්තිමත් මායාකාරිය උනා කියල ජේ.කේ.රෝලිං මහත්මිය පවසා තියෙනවා.රොවේනා රෙවෙන්ක්ලෝ තම  නිවසයේ ආදර්ශ පාඨය ලෙස “මැනිය නොහැකි තරම් බුද්ධිය මිනිසාගේ ශ්‍රේෂ්ඨතම වස්තුවයි” යන්න යොදාගෙන තියෙනවා .

රොවේනා කියන්නේ  සුන්දර කාන්තාවක් ඒත් දැඩි පෙනුමක් ඇති මනා පෞරුෂයකින් හෙබි කෙනෙක් ඇය. ඇය උසයි, සුදුමැලි සම, තද ඇස් සහ දිගු කළු හිසකෙස් ඇති රොවේනා රෙවෙන්ක්ලෝ ස්කොටිෂ් උච්චාරණයකින් තමයි කතා කරලා තියෙන්නේ. 

රොවේනා  රවෙන්ක්ලෝගේ වඩාත් කැපී පෙනෙන ගති ලක්ෂණ වෙන්නේ ඇයගෙ බුද්ධිය සහ නිර්මාණශීලිත්වයයි.   රොවේනා ගෙ දැඩි බවක් පෙනෙන්නට තිබුණත්, එසේ තිබියදීත් ඇය සමාව දෙන සහ ආදරය කරන බවක් පෙනෙන්න තිබුනා.  ඒක හොදටම පැහැදිලියි හෙලේනා ගෙ කාරණාවෙදි 😇තමන්ගෙ දියණියගේ අන්තිම වතාවට, ඇගේ මරණ මංචකයේදී හරි දකින්න ඇයගේ දියණියගේ පාවාදීම පවා නොසලකා හැරීමට ඇය කැමැත්තෙන් සිටි නිසා  ඒක පැහැදිලි යි.

ඒ වගේම රොවේනා රෙවෙන්ක්ලෝ කියන්නේ  ඉතා ආඩම්බර කාන්තාවක්., තම දියණිය ඇගෙ ඩයටම්  සොරකම් කල බවවත්  ඇගේ සමීපතම මිතුරන්ට, අනෙක් ෆවුන්ඩර්ස්ලාට පවා ඇය සැගෙව්වා.පැට්‍රෝන්ස් නිපදවීමේ විශේෂ හැකියාව රොවේනා රවෙන්ක්ලෝගේ විශිෂ්ඨත්වය නිරූපණය කරනවා. ඒ වගේම ඇය චාම්ස් පිළිබඳ ප්‍රවීනතාවයක් දක්වපු මායාකාරියක් උනා. 

අඩුපාඩු ගොඩක් ඇති ඒවත් කියාගෙනම යන්න පෝටර්හෙඩ්ස්.💙💚💛❤️
 
මම #Cho💙

තන්කුයි Tharinda Sandaruwan අයියෙ 😍💙

Comments