#HWAJAN
#Hufflepuff💛
ආයුබෝවල් හොග්වාර්ට්ස් යාලුවො ඔක්කොටම. මේක තමයි මං ලියන කුලුදුල් ලිපිය ඉතින් අඩුපාඩු තියෙන්න පුලුවන්.🤗
ඉතින් මන් අද ඔයාලට මේ ලිපියෙන් කියන්න යන්නෙ ඔයාල කව්රුත් දන්න හා ආස කරන හෆල්පෆ් චරිතයක් වන නිව්ට් ස්කැමෑන්ඩර් ගැන....
✪මුල් ජීවිතය (1897-1908)
නිව්ටන් ආටෙමිස් ෆිඩෝ නොහොත් "නිව්ට් ස්කැමෑන්ඩර්" උපත ලබනුයේ 1897 පෙබරවාරි 04 වන දින එංගලන්තයේ දීය. නිශ්චිත ස්ථානයක් සඳහන් නොවන අතර ඔහුට සිටි එකම සහෝදරයා වන්නේ "තීසියස් ස්කැමෑන්ඩර්" ය. "Pure blood" කෙනෙක් වන නිව්ට් කුඩා කල සිටම මායා සත්ව කොට්ඨාස පිළිබඳව අධ්‍යනයට නැඹුරුවක් දැක්වූ නිව්ට් හට එම ආභාෂය ලැබී ඇත්තේ මවගෙනි. මන්ද යත් ඔහුගේ මව හිපොග්රිෆ් අභිජනනය කරන්නියක් වූ නිසාවෙනි
✪හොග්වෝට්ස් පාසල තුල (1908-1913)
1908 සැප්තැම්බර් 04 දින හෆල්පෆ් නිවාසයට තේරී පත්වන නිව්ට් ඉන්ද්‍රජාලික සතුන් අධ්‍යනය කිරීමට තම පූර්ණ කාලයම වැය කලේය. මොහුගෙ මිතුරිය වූයේද එලෙසම ඉන්ද්‍රජාලික සතුන් ප්‍රිය කරන ලෙටා ස්ට්‍රේන්ජ් ය.
ඔවුන්ගේ මිත්‍රත්වය වඩාත් කිට්ටු වීමට හේතු වූයේ 1910 වර්ෂයේ කුඩා ලීටා ලෙස්ට්‍රේන්ජ් තමන්ට හිරිහැර කරන්නන්ගෙන් මිදීමට අල්මාරිය සැඟවීමත් සමඟය. මෙම අල්මාරිය තුලම සිටි කපුටු පැටවෙක් අතින් ගත් නිව්ට්ව ලීටා දුටුවේය. සම වයස් සිසුන් වුවද ලීටා නිව්ට්ව පැහැදිලිව දුටු ප්‍රථම අවස්ථාව එයයි. තම නිවාඩුව පාසලේ ගෙවා දමනුයේ මෙම කපුටු පැටවා බලාගැනීමට බව නිව්ට් ලීටාට ප්‍රකාශ කලේය.
මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ රිඩිකියුලස් මන්ත්‍රය පාඩමට සම්බන්ධ වූ නිව්ට් බියට පත් වූයේ කාර්යාලය මේසයක සිට තම අනාගතය ගෙවා දැමීමයි.ඔහු එහිදී රිඩිකියුලස් මන්ත්‍රය මඟින් කාර්යාල මේසය යාන්ත්‍රික මකරෙක් බවට පත් කරන ලදී.
ඒ වන විට බෝට්රකල්ස් සමඟ මිතුරු වී සිටි එකම හොග්වෝට්ස් සිසුවා නිව්ට් ස්කමැන්ඩර් ය.
✪අමාත්‍යාංශ සේවා කාලය(1914-1918)
නිව්ට් අමාත්‍යාංශයේ සේවාව සඳහා තෝරාගනු ලබන්නේද ඉන්ද්‍රජාලික ජීවීන් සම්බන්දවය. මොහු ඉන්ද්‍රජාලික නියාමනය හා පාලනය කිරීම සඳහා මැජික් දෙපාර්තමේන්තුවට සම්බන්ද විය.මෘග දෙපාර්තමේන්තුවට මාරු කිරීමට ප්‍රථම හවුස්-එල්ෆ් නැවත ස්ථානගත කිරීමේ කාර්යාලයේ ගත කලේය නිව්ට් එහිදී ඔහුගෙ ඉන්ද්‍රජාලික ජීවීන් පිළිබඳ දැනුම මනාව පුලුල් කරගත්තේය.
✪නිව්ට් ස්කැමෑන්ඩර් සහ ඇල්බස් ඩම්බල්ඩෝර්...
ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ ප්‍රියතම සිසුවෙකු ලෙස නිව්ට් ස්කැමෑන්ඩර් දැක්විය හැක. වරක් පාසලෙන් නෙරපීමට ලක් වීමට සිදු වූ කරුණකදී පවා එයට මැදිහත් වී නිව්ට් වෙනුවෙන් ඉදිරිපත් වූයේ ද ඇල්බස් ඩම්බල්ඩෝර් ය.
ගිලට් ග්රින්ඩල්වෝල්ඩ්ගේ ගැටලුවේදී ද ඇල්බස් ඩම්බල්ඩෝර් නිව්ට්ගෙ සහය පැතුවේය. ඇල්බස් ඩම්බල්ඩෝර් ගිලර්ට් ග්‍රින්ඩල්වෝල්ඩ් සමඟ සෘජු සටනකට නොයන්නෙ මන්ද යන කරුණ නිව්ට් හට අවබෝධවන්නෙ අවසානයේදීය. එනම් නිෆ්ලර් සොරකම් කරන ලද පෙන්ඩනයෙන් නිව්ට් හට අවබෝධ වූයේ ඇල්බස් ඩම්බල්ඩෝර් හා ගිලර්ට් ග්‍රින්ඩල්වෝල්ඩ් අතර ඇති ලේ ගිවිසුම පිළිබඳවයි.මෙය කිසි සේත් විනාශ නොකල හැකිය. මෙම පෙන්ඩනය නැවත ඇල්බස් ඩම්බල්ඩෝර් හට ලබා දුන්නේය. එහි දී ඇල්බස් ඩම්බල්ඩෝර් යුද්ධයට සම්බන්ද වී ගිලර්ට් ග්‍රින්ඩල්වෝල්ඩ් පරාජය කිරීමට නිව්ට් හට අවසර ලබා දුන්නේය.
✪පසු කාලීන ජීවිතය....
"Fantastic beast and where can find them" කෘතියේ කතුවරයා වන්නේද නිව්ට් ස්කැමෑන්ඩර් ය. හොග්වෝට්ස් හීදී 1927 ප්‍රකාශයට ලක් කරනු ලබන මෙම කෘතිය පෙළපොතක් ලෙසද භාවිතා කරන ලදී.
ටීනා ගෝල්ඩ්ස්ටීන් සමඟ නිව්ට් විවාහ වූ අතර ඔවුන් හට එක් මුණුපුරෙක් පිළිබඳ සඳහන් වේ. ඒ නම් රොල්ෆ් ස්කමැන්ඩර් ය.
1947 දී වෙයාවුල්ෆ් ලේඛනයේ ආරම්භ කිරීමට පුරෝගාමියා වූයේද නිව්ට් ස්කැමෑන්ඩර් ය.1965 පර්යේෂණ අභිජනනය තහනම් කිරීමේ මොහුගෙ ජීවිතෙයේ ලද විශාල ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකිය.මකරුන් පිළිබඳව හා වෙනත් ඉන්ද්‍රජාලික ජීවීන් සොයාගැනීමට මොහු බොහෝ උපකාර කලහ.
1979 දී මැජිසූලොජි විද්‍යාවට කල සේවය වෙනුවෙන් ඕඩර් ඔෆ් මර්ලින් සම්මානයෙන් පිදුම් ලැබීය.ඔහුගේ නමින් චොකලට් ගෙම්බන් කාඩ්පතක්ද ඔහුට පිරිනමන ලදී...
❦ᴠɪᴄᴛᴏʀ ᴋʀᴜᴍ❦
Comments
Post a Comment