Memory Potion


ඔන්න යාලුවනේ මගේ පලවෙනි ලිපිය මං දාන්නයි යන්නේ....😎

මේක ගැන ගොඩක් අය දන්නේ නැතුවත් ඇති.. කමක් නෑ අද දැනගන්න පුලුවන්...😁✋

මං ඔයාලට කියන්න යන්නේ #Memory #potion එක ගැන...⚗️ 

මේක Wizard's world එකේ ගොඩක් පාවිච්චි වෙන ස්පෙල් එකක් උනත් මට මතක විදියට හැරීගේ කතාව පැත්තේ මේක දකින්න වෙන්නෙ නෑ... හැබැයි ඩම්බල්ඩෝර් මේකට සම්බන්ද වෙනවා... 

ස්පෙල් එක ගැන මෙහෙම පටන් ගන්නම්..

මේ ස්පෙල් එක පාවිච්චි කරන්නේ තමන්ගේ මතක ශක්තිය වැඩිදියුනු කරගන්න සහ අමතක වෙච්ච දේවල් මතක් කරගන්න...
මේ පෝශන් එක පානය කරන කෙනාට බලපෑම් දෙකක් ඇති වෙනවා...

*පානය කරන්නාට ඔහුගේ දිගුකාලීන මතකයේ ගබඩා කර ඇති මතකයන් වැඩි දියුණු කරයි.
* ඔහුගේ අනාගතයේදී මතකය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

ඒ වගේම මේ පෝශන් එකේ බලය දෙගුණ කරගන්න ඕනේ නම් පාවිච්චි කරන කෙනාගේ හිසකෙස් දෙක තුනක් එකතු කරන්න පුලුවන්. මේක මිලදී ගන්නත් හැකියාව තියනවා. නමුත් මිලදී ගන්න ස්පෙල් එක හදලා ඉවර නිසා මං අර කලින් කිවුව බලය වැඩිකර ගැනීමේ හැකියාව නෑ... 

මෙමරි පොෂන් එක  හදන්න හරිම ලේසියි. අවශ්‍ය වන්නේ වට්ටක්කා, වතුර ගැලුම් භාගයක් පමණ සහ සුරංගනා පිහාටු 03ක්🧚🧚🧚 (Fairy feathers) පමණයි. ජලයට වට්ටක්කා කැබලි මිශ්‍රකර මිනිත්තු 20.234 ⏱️ක් උනු වීමට ඉඩ දෙන්න. මෙය හරියටම විය යුතුය! නියමිත වේලාවට ජලය තම්බා ගත් පසු පිහාටු ඉරා දමා සෙමින් උතුරන වතුරට මිශ්‍ර කරන්න.(සැ.යු. සුරංගනා පිහාටුවලට හානි නොවිය යුතුයි.) තත්පර 30 ක් පමණ ජලයේ ගිල්වන්න.මිනිත්තු 10 කට පමණ පසු පිහාටු හොඳින් මිශ්‍ර කර ඇති බවත්, ගැටිත්තක් හෝ ඉහළ සාන්ද්‍රණයක්🌡️ ඇති ප්‍රදේශ නොමැති බවත් තහවුරු කරගන්න. 

හරි දැන් බාගන්න 🤭 මුට්ටිය අනේ...

අපේ මෙමරි පෝශන් එක හරියටම හැදිලා නම් රන්වන් පාටක් ගන්නවා... ඒ වගේම නිල් පාට වාෂ්ප පිටවෙනවා... 💧සුවද නිකම් බටර්බියර් වල වගේ...🍺

ඒ වගේම මේකෙන් බොන්න ඕනේ මිලිලීටර් 15ක් විතරයි..හරියටම අවුරුද්දකට වතාවක් එකම දවසේ එකම වෙලාවේ තනියම තමා මේක බොන්න ඕනේ. එතකොට මතකය වැඩි දියුනු වෙනවා... ඒ වගේම අමතක වෙච්ච දෙයක් මතක් කරගන්න නම් සතියක් එක දිගට එකම වෙලාවෙ මේ පෝශන් එක පාවිච්චි කරන්න ඕනේ.. ආහ් තව දෙයක් මේක ගබඩා කරන්න ඕනේ ආලෝකය ලැබෙන උණුසුමක් තියන තැනක..☀️ එහෙම නොවුනොත් මේක පාවිච්චි කරන්න බැරි වෙනවා.. ඒ කියන්නේ මඩ දුඹුරු පාටක් ගන්නවා.. එතකොට මේ පෝශන් එක අකාර්යක්ෂමයි... ඒ නිසා බොන්න එපා.. අන්තිමට නැති ලෙඩ හැදෙයි ඔන්න...😁

ඩම්බල්ඩෝර් සීයා මේ මෙමරි පොෂන් බෝතල් ගොඩක් හොග්ස් හෙඩ් හෝටලයේ සගවලා තියනවා. ජාකොබ්ගේ සහෝදරයයි චියාරා ලොබොස්කයි මේක පානය කළේ පිපා මැක්මිලන්ට සුදු සත්වයෙකු (White Creature) විසින් පහර දුන් සිදුවීමක් පිළිබඳ විස්තර මතක් කරගන්න. මායා ලෝකයේ වැඩෙන විපත්තින්ට මුහුණ දීම සඳහා 2010 දී රහසිගත කාර්ය සාධක බලකායේ ස්වේච්ඡා මායාකාරයන් සහ මායාකාරියන් විසින් මේ ස්පෙල් එක  නිපදවලා විශාල වශයෙන් පාවිච්චි කරලා තියනවා...ඔන්න ඔහොමයි ඩම්බල්ඩෝර් මේකට සම්බන්ද වෙන්නේ...ඒ ගැන තව ටිකක් විස්තර හොයලා බලන්න මාත් තාම හොයනවා..😁😁😁

ඉතින් යාලුවනේ අඩුපාඩු ඇති.. මොකද පලවෙනි ලිපිය නිසා... 
ඉතින් මේ ගැන දන්න අය අඩුපාඩු පෙන්නලා දෙන්න. 
දන්නෙ නැති අය තව හොයන්න... මටත් කියන්න...මගෙනුත් අහන්න... 

ඉස්සරහට මේ වගේ අලුත් දේවල් අරන් එන්නම්... ✌️
යන්නම් එහෙනම් ටටා බායි සී යූ චෙරියෝ....🤟👋  

Neth Fdo...෴

Comments