ගොඩ්රික්ස් හොලෝ (godric’s hollow)
අද කියන්න යන්නෙන් මායා ලෝකයේ ඓතිහාසික වට්නාකමකින් යුතු ගොඩ්රික්ස් හොලෝ (godric’s hollow) ගම්මානය ගැන.
ගොඩ්රික්ස් හොලෝ (godric’s hollow) කියන්නේ මායාකරුවන් රැසක් ජිවත් වු ගම්මානයක්. එය පිහිටි ස්ථානය පැහැදිලිව සටහන් නොවුනත් එංගලන්තයේ බටහිර පෙදෙසෙහි පිහිටා තියෙන බව පැවසෙනවා.
ගම්මානය කුඩා ප්රජාවකින් සමන්විත පල්ලියක්, තැපැල් කාර්යාලයක්, පබ් එකක් සහ සිල්ලර වෙළඳසැල් කිහිපයක් පමණක් ඇති චතුරශ්රයක තමයි පිහිටා තියෙන්නේ. එය නේවාසික වීදි මනරම් කුටිවලින් සහ පල්ලිය දක්වා දිවෙන පල්ලිය පටුමගකින් සමන්විත වෙනවා.
ගොඩ්‍රික් ග්‍රිෆින්ඩෝර් ඉපදුනු හා කුඩා කල ජිවත් වු ගම්මානය නිසා ඔහුට ගෞරවයක් විදිහට මේ ගම්මානය ගොඩ්රික්ස් හොලෝ (godric’s hollow) ලෙස නම් කරලා තියෙනවා.
1689 දී අන්තර්ජාතික රහස්‍යතා ප්රඥප්තිය අනුමත කිරීමෙන් පසු මායාකාරියන් සාපේක්ෂව විශාල වශයෙන් පදිංචි වූ ගම්මාන ගණනාවකින් එකක් ගොඩ්රික්ගේ හොලෝ (godric’s hollow) බව මැජික් ඉතිහාසයේ පවසනවා.
ගොඩ්රික්ස් හොලෝ (godric’s hollow) ගම්මානයෙහි ඔයාලා හැමෝම වගේ දන්න කැපී පෙනෙන මායාකාරියන් පවුල් ගණනාවක්
ජිවත් වෙලා තියෙනවා. ඒ,
1.ගොඩ්‍රික් ග්‍රිෆින්ඩෝර් - ග්‍රිෆින්ඩෝර් නිවාසයේ නිර්මාතෘ තෘ (දහවන සියවස)
2. ඉග්නෝටස් පෙවරෙල් -
අදෘශ්‍යමාන සළුවෙහි මුල් හිමිකරු
3.බොව්මන් රයිට් ගෝල්ඩන් - ගෝල්ඩන් ස්නිච් හී නිපැයුම්කරු (දහහතරවන සියවස)
4.ඩම්බල්ඩෝර් පවුල - කේන්ද්‍රා, ඇල්බස්, ඇබර්ෆෝර්ත් සහ අරියානා (දහනව වන සියවසේ අගභාගයේ හෝ විසිවන සියවසේ මුල් භාගයේ)
5.බැතිල්ඩා බග්ෂොට් - හිස්ට්‍රි ඔෆ් මැජික් කෘතියේ නිර්මාතෘ.
6.පොටර් පවුල - ලිලී, ජේම්ස් සහ හැරී පොටර්
7. එච්. නයිටන්
8.ඩී. විලියම්ස්
9. ඇබට් පවුල
ඒ අතරින් ව්ශේෂ තැනක් පොටර් පවුලට හිමි වෙනවා. හැරී පොටර් කතාවට පාදක වුන සිදුවිම වෙන්නෙත් මේ ගම්මානයේ.
හැරී පොටර් කුඩා කාලයේ ඔහු සහ ඔහුගේ දෙමව්පියන් කුඩා කාලයේ ජීවත් වූ ස්ථානය ලෙස හදුන්වා දෙන්නත් පුලුවන්.
මෙහි සැගව සිටියදි තමා වොල්ඩමොර්ට් විසින් ජේම්ස් හා ලීලී පෝටර්ව ඝාතනය කරන කරන ලද්දෙත්, 😢😢😢
ඒ සිදුවිමෙදි ප්රාතිහාර්යයකින් වගේ හැරී පොටර් ළදරුවාගේ ජිවිතය බේරෙනවා. පසුව හැරී පොටර් සහ අග්නි කුසලානය කතාවේ වොල්ඩමොර්ට්ම එය හැරීගේ මව නිසා වුන බව කියනවා.
කෙසේ වුනත් හැරී පොටර්ගේ ජිව්තය බේරිමත් සමග වොල්ඩමොර්ට්ගේ පළමු පරිහානිය සිදුවෙනවා. ආත්මයක් පමණක් ඉතිරි වි ඔහුගේ සිරුර හා බලය ව්නාශ වෙනවා.
ඒ සිදුවිමත් සමගම හැරී පොටර් ජීවත් වූ පිරිමි ළමයා ලෙස ප්‍රසිද්ධියට පත් වූ ස්ථානය ලෙස ගොඩ්රික්ස් හොලෝ (godric’s hollow ) කැපී පෙනෙනවා.
ජේම්ස් සහ ලිලීගේ සිරුරු ගොඩ්රික්ස් හොලෝ හි (godric’s hollow) සොහොන් පිටියේ තැන්පත් කරන ලද අතර, ජේම්ස් හා ලීලී පොටර්ට උපහාර පිනිස, ස්මාරකයක් බවට පත් කර මග්ල්ස් හට නොපෙනෙන පරිදි හැරී පොටර් ගේ පැරණි නිවසේ නටබුන් වොල්ඩ්මෝර්ට් ප්‍රහාරයෙන් පසුව තිබූ ආකාරයටම ප්‍රධාන වීදියේ කෙළවරේ දක්නට ලැබෙනවා.
චතුරශ්‍රයේ මධ්‍යයේ යුධ ස්මාරකයක් තියෙනවා. නමුත් මායාකාරියක හෝ මායාකාරියක ලංව බැලුවිට එය ජේම්ස් හා ලීලී පොටර් හැරී පොටර් ළදරුවාගේ ස්මාරකයක් බවට පත් වෙනවා. එය වොල්ඩමොර්ට්ගේ ප්‍රථම බිද වැටිම සංකේතවත් කරමින් තනන ලද්දක් බව පැවසෙනවා.
නමුත්, 1997 නත්තල් කාලය තෙක් හැරී පොටර් මෙහි ආව බවට සදහනක් නෑ. හර්මයිනි සමග 1997 නත්තල් කාලය තුල එහි යාමට හේතුව වුනේ නැතිවු සිය දෙමාපියන් දැකිමටත්, ග්‍රිෆින්ඩෝර් කඩුව සොයා ගැනිමටත්ය.
එහිදි බැතිල්ඩා බැග්ෂොට් ලෙස පෙනි සිටින නාගීනිගේ ප්‍රහාරයක්ට හැරී හා හර්මයිනි හසු වෙනවා. නමුත් එතනදි ඒ දෙදෙනාට හානියක් කිරිමට නාගීනිට නොහැකි වෙනවා.
ඉතිහාසය පිළිබදව සොයා බැලිමේදි ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ පියා පර්සිවාල් මගල් පිරිමි ළමයින් තිදෙනෙකුට පහරදීමෙන් පසු සිරගත කරන විට ඩම්බල්ඩෝර් පවුල ගොඩ්රික්ස් හොලෝ (godric’s hollow) වෙත ගිය බව පෙනි යනවා.
ඇල්බස් සහ ඔහුගේ මව කේන්ද්‍රා, සහෝදරිය අරියානා සහ සහෝදර ඇබර්ෆෝර්ත් මෙහි ජීවත් වූ අතර, අරියානාගේ ඛේදනීය හා අහම්බෙන් සිදුවු මරණයන් තෙක්, එහි ජිවත් වුනා.
ගොඩ්රික්ස් හොලෝ හි (godric’s hollow) ද්වන්ධ සටන
1899 දී ග්‍රින්ඩෙල්වෝල්ඩ්, ඇල්බස් ඩම්බල්ඩෝර් සහ ඇබර්ෆෝර්ත් ඩම්බල්ඩෝර් අතර තුන් ආකාරයකින් ද්වන්ධ සටනක් ඇති වුනා. මේකට හේතුව ලෙස පැවසෙන්නේ ඇබර්ෆෝර්ත් ග්‍රින්ඩෙල්වෝල්ඩ් කෝපයට පත් කිරිම කියලයි.
ඔහු ඇබර්ෆෝර්ත්ට පහර දෙන විට ඇල්බස් සිය බාල සොහොයුරා ආරක්ෂා කිරීමට සහ දෙදෙනා අතර සටන නැවැත්වීමට උත්සාහ කල අතර අරියානා ඩම්බල්ඩෝර් උදව් කිරීමට උත්සාහ කළා. නමුත් ඇයව ඝාතනය වු අතර නිශ්චිත වශයෙන් කා අතින් සිදුවුවාදැයි කිව නොහැකි මෙම අත්දැකීම ඩම්බල්ඩොර් මිය යන තුරුම ඔහුගේ සිතේ හොල්මන් කළා. ඊට හේතුව වුනේ ඇබර්ෆෝර්ත් අරියානාගේ මරණය ඇල්බස් මත පැවරිම නිසාය.
අදෘශ්‍යමාන සළුවෙහි මුල් හිමිකරු වන ඉග්නෝටස් පෙවරෙල් උපත් ලැබු ගම්මානය ගොඩ්රික්ස් හොලෝ (godric’s hollow) වන අතර අවුරුදු හැත්තෑ හයක් ජීවත් වූ ඉග්නෝටස් 1292 මැයි 19 වන දින මිය ගියෙත් මෙමම ගම්මානයේදිම බව පැවසෙනවා.
විශේෂිත ස්ථාන
1.පොටර් ගෘහය
ජේම්ස්, ලිලී සහ හැරී පොටර්ගේ නිවස. 1981 දී වොල්ඩ්මෝර්ට්ගේ ප්‍රහාරයෙන් පසුව අර්ධ වශයෙන් විනාශ වූ එය ස්මාරකයක් ලෙස සහ වොල්ඩ්මෝර්ට්ගේ පළමු පසුබෑමට ස්මාරකයක් ලෙස මග්ල්ස් හට නොපෙනෙන ලෙස සකස් කර තිබුනා.
2. පොටර් අනුස්මරණය
ජේම්ස් සහ ලිලී පොටර් ළදරු හැරී රඳවාගෙන සිටින ප්‍රතිමාවක්.
3.බතිල්ඩා බග්ෂොට්ගේ නිවස
4.ඩම්බල්ඩෝර් නිවස
අරියානා ඩම්බල්ඩෝර්ගේ මරණයට පෙර ඩම්බල්ඩෝර් පවුලේ නිවසයි.
5.සොහොන් බිම
සුසාන භූමියේ පොටර්, ඩම්බල්ඩෝර් සහ පෙවරෙල් පවුල්වල සොහොන් දක්නට ලැබෙනවා.
6.ශාන්ත ජෙරොම් පල්ලිය
මේක මගේ පළවෙනි ලිපිය. අඩුපාඩු ඇති. කියවලා වැරැද්දක් තියේනම් කියන්න.
~ Geeth ~
#Hufflepuff 💛💛
😍😍😍
ReplyDelete