Garrick Ollivander


#HWAJAN

#Hufflepuff 💛

Garrick Ollivander
ගැරික් ඔලිවැන්ඩර්

මෙයා Half blood කෙනෙක් ලෙස තමා සඳහන් වෙන්නේ. මහා බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ ඉපදුණු කෙනෙක්. ඒ වගේම Mr.Olivander ගේ boggart එක ලෙස සඳහන් වෙන්නේ අපේ Lord Voldermort. 🙄 ඔහුගේ යෂ්ටිය මකරහෘද 🐉 කෙදි හරය වුනු හෝන්බීම් දැව⁣යෙන් නිම කල යෂ්ටියක්..

ඔලිවැන්ඩර්ගේ පවුල බොහෝ කලක් තිස්සේ මායා යෂ්ටි වෘත්තිය සමඟ සම්බන්ධ වෙලා තියෙනවා.. වාසගමෙහි අර්ථය වන්නේ මධ්‍යධරණී සම්භවයක් ඇති 'ඔලිව් දණ්ඩේ  හිමිකරු' යන්නයි, එයින් ඇඟවෙන්නේ පවුල වෙනත් තැනකින් බ්‍රිතාන්‍යයට 🇬🇧 සංක්‍රමණය වූ බවයි. ඔලිවැන්ඩර් මහතා විශ්වාස කරන්නේ ඔහුගේ මුතුන් මිත්තන් රෝමවරුන් 🤺 සමඟ බ්‍රිතාන්‍යයට පැමිණ ප්‍රදර්ශන කුටියක් හා අවසානයේදී වෙළඳසැලක් 🏯 ආරම්භ කළ බවත් පැවසෙනවා.

ගැරික් ඔලිවන්ඩර් උපත ලැබුවේ මායාකාරියක වූ ගර්වේස් ඔලිවන්ඩර්ට සහ ඔහුගේ බිරිඳ, මගල්-උපත ලද මායාකාරියකට සැප්තැම්බර් 25 වන දින 1907 දී හෝ ඊට පෙරය. 

ඔහු තරුණ වියේදී හොග්වාර්ට්ස් 🏰 මායා පාසලට ඇතුළත් වූ අතර එහිදී ඔහුව ⁣⁣රෙවෙන්ක්ලෝ නිවාසය වෙත තෝරාගෙන තියෙනවා.

ගැරික් ඔලිවන්ඩර්ගේ ඔලිවැන්ඩර්ස් හි හිමිකාරත්වයට පෙර, මායාකාරියන් විවිධාකාර මායාකාරියන් භාවිතා කරලා, ගනුදෙනුකරු බොහෝ විට ඔවුන්ගේ යෂ්ටි නිෂ්පාදකයාට ඔවුන් අමුණා ඇති මායාමය ද්‍රව්‍යයක් ඉදිරිපත් කරන අතර ඔහු එය ඔවුන්ගේ යෂ්ටි හරය බවට පත් කරනවා.ඔලිවැන්ඩර් මහතා විශ්වාස කළේ එසේ කිරීමෙන් දණ්ඩේ ස්වභාවය වෙනස් වන බවයි. මායාකාරිය කෙරෙහි ඇල්මක් ඇති හිමිකරුවෙක් පත්වෙන බවයි.

මෙම නව ක්‍රමයට මුලින් සැලකිය යුතු ප්‍රතිරෝධයක් දැක්වුවද, ඔලිවැන්ඩර් විසින් සාදන ලද යෂ්ටි අනෙක් ඒවාට වඩා බෙහෙවින් උසස් බව ඉතා ඉක්මනින් පැහැදිලි වුනා. ඔහුගේ ක්‍රමෝපායන් වුනේ වනාන්තර 🍁🍂☘🌿 සහ මූලික ද්‍රව්‍ය සොයා ගැනීමයි.

1938 ග්‍රීෂ්මයේදී ඔලිවන්ඩර් ටොම් රිඩල්ට යෂ්ටියක් විකුණා ඇත. ඊටම සමාන එහෙමත් නැත්නම් වොල්ඩ්මෝර්ට් කියන විදියට නිවුන් සහෝදරයෝ වගේ යෂ්ටියක් තමයි හැරී ට දෙන්නෙත්.

දෙවන මායා යුද්ධයෙදී ස්නැච්ර්ස්ලා ඔලිවැන්ඩර් අල්ලගෙන යනවා 😪. දන්නවනේ හේතුව. 
ඒ 1996 ජූලි මාසයේදී... ඔහු ඊළඟ දවසේ අතුරුදහන් වූ නිසා නෙවිල් ලෝන්ග්බෝටම්ට විකුණන ලද්දේ අවසාන යෂ්ටි වලින් එකක් යැයි විශ්වාස කරනවා. ඔලිවැන්ඩර් වොල්ඩ්මෝර්ට් සාමිවරයා සහ ඔහුගේ ඩෙත් ඊටර්ස් ලා  විසින් අල්ලා ගනු ලැබූ අතර මැල්ෆෝයි මනෝර් හි සිරකරුවෙකු 🏚️ ලෙස රඳවා තබන ලද අතර එහිදී පීටර් පෙටිගෘ  🐭 සඳහා නව යෂ්ටියක් සෑදීමට ද ඔහුට සිදුවෙලා තියෙනවා.
මැල්ෆෝයි මැනර් එකේදී වද දීලා තමන්ගේ සහ හැරී ගේ යෂ්ටියේ  ස්වභාවයත්, එල්ඩර් වොන්ඩ් එක ගැනත් විමසනවා.
කොහොමහරි අපේ ඩොබී 💕 ලූනා එක්කම ඔලිවැන්ඩර් බේරාගන්නවා එතනින්.

ඔලිවැන්ඩර් ගොඩක් බුද්ධිමත් කෙනෙක් ඔහුගේ කාර්ය කාලය ගැන පරිපූර්ණ මතකයක් තිබිලා තියෙනවා.  ඔහු මෙතෙක් විකුණූ සෑම දණ්ඩයකම විස්තර ඔහුට මතකයි. ටිකක් අමාරුකාර ගනුදෙනුකරුවකු සඳහා නිවැරදි දණ්ඩක් සොයා ගැනීම අභියෝගයක් වන තරමට ඔහු වඩාත් සතුටට පත්වන බවක් ඔහු තුළ තිබ්බා. ගනුදෙනුකරුවන්ගේ යෂ්ටිය  තක්සේරු කිරීමට ඔහු මැජික් ටේප් මිනුමක් භාවිතා කලා.

ශානිකා විතානගේ〽️(තම්සින් ඇපල්බී)
💛හෆල්පෆ් නිවාසය වෙනුවෙන් 💛

Comments