#HWAJAN
#Hufflepuff💛🤗
ඔයාලා අහලා තියෙනවද "Extendable ears" එසේත් නැතිනම් දිගු කළ හැකි කන් ගැන. මේවා නිර්මාණය කරලා තියෙන්නේ නම් නව නිර්මාණ රැසක් බිහි කල ග්රිෆින්ඩෝ නිවාසයේ ෆ්රෙඩ් හා ජෝර්ජ් විසින්.
දිගු මස් පැහැති නූල් වලින් සාදා ඇති මෙහි එක් කෙලවරක් කනට සම්බන්ද කරගන අනික් කෙලවර අපිට හොරෙන් සවන් දෙන්න ඕනෙ ස්ථානයෙන් ආසන්නයෙන් තියාගන්න පුලුවන්. මේකේ තියෙන තව ව්ශේෂත්වයක් වෙන්නේ කනට සම්බන්ද කොටසෙන් උනත් අපිට හොරෙන් සවන් දෙන්න පුලුවන් වීමයි.මෙම දිගු කල හැකි කන් එච්චරම යහපත් සොයා ගැනීමක් නොවුනත් මේක ප්රයෝජනවත් වූ අවස්ථා ගොඩක් තියනවා.
1995 දී හැරී ග්රිම්මෝල්ඩ් පෙදෙසට එන්න ටික කලකට කලින් තමයි මෙම සොයාගැනීම කරා කියලා සඳහන් වෙන්නේ. මේක කොච්චර යහපත් සොයාගැනීමක්ද කියනවා නම් මොලී වීස්ලි එහෙමත් නැත්තම් මේ ෆ්රෙඩ් හා ජෝජ්ගේ මව මේවා හොය හොයා විනාස කරාලු😂 වාසනාවට මොලී මහත්මියට ඔක්කොම විනාස කරගන්න හම්බෙලා නෑ.🤭
මෙම "Extendable ears" එසේත් නැති නම් දිගු කල හැකි කන් ප්රයෝජනයට ගත් අවස්ථා රාශියක් තියනවා.
✪1995 දී ග්රිම්මෝල්ඩ් වල තිබුන ෆීනීක්ස් නිකායේ රැස්වීමෙ කතා බහ වුණ දේවල්වලට ෆ්රෙඩ් හා ජෝර්ජ් ඇතුලු පිරිස හොරෙන් සවන් දුන්නෙ මේ දිගු කල හැකි කන් වලින් තමයි.
✪1996 දී හැරී මැල්ෆෝයි හා බෝර්ගින් අතර සිදුවන සංවාදයට හොරෙන් සවන් දෙන්නේ මෙම කන් උපයෝගී කරගනයි.
✪1997 දී හැරී හා රොන් හෝක්රොක්ස් සෙවීමට පිටත් වන විට හර්මියොන් දිගු කල හැකි කන් කිහිපයක් ඇසුරුම් කරා. භයානක ස්නැචර්ස්ල වෙතින් පලා යමින් සිටි මගල් උපත ලද ඩීන් තෝමස් ඇතුලු පිරිසට හොරෙන් සවන් දීමටද මෙම දිගු කල හැකි කන් ප්රයෝජනවත් වුනා.
නමුත් අවසානයේදී හොග්වාර්ට්ස් මායකර්ම පාසල තුල මෙම Extendable ears එසේත් නැති නම් දිගු කල හැකි කන් නිපදවීම හා භාවිතය තහනම් කරා.
❦𝒗𝒊𝒄𝒕𝒐𝒓 𝒌𝒓𝒖𝒎❦
Comments
Post a Comment