Ariana Dumbledore



අරියානා ඩම්බල්ඩෝර්..ඇහුව ගමන් හුරුපුරුදු නමක් නේද මේක..ඔව් අද අපි මේ කතා කරන්න හදන්නෙ අරියානා ඩම්බල්ඩෝර් ගැන..ඒ කියන්නේ අපේ ඇල්බස් ඩම්බල්ඩෝර් මහා මායාකරුගේ නැගෙණිය ගැනයි අද අපේ කතාව..

ඉතින් අරියානා ඩම්බල්ඩෝර් ගැන කිව්වොත් ඇය ඉතාමත් සුරූපී කාන්තාවක්..මේ සුන්දරත්වයෙන් පරිපූර්න වූ අරියානා ඩම්බල්ඩෝර් උපත ලබන්නේ 1885 මැයි මස 21 වෙනි දින පර්සිවෙල් ඩම්බල්ඩෝර්ට සහ කෙන්ඩ්‍රා ඩම්බල්ඩෝර්ට දාවයි..ඒ වගේම ඇයට සහෝදරයන් දෙදෙනෙක්ද වූ අතර ඇය බාලතමයා උනා..ඇයගේ සොහොයුරන් වුනේ ඇල්බස් ඩම්බල්ඩෝර් සහ ඇබර්ෆෝත් ඩම්බල්ඩෝර්..අරියානා ඩම්බල්ඩෝර් හාෆ් බ්ලඩ් ගණයට අයිතියි වගේම මෙයා බ්‍රිටිශ් කෙල්ලෙක් ඉතින්..

ඒත් අරියානාට වයස අවුරුදු 6ක් උන කාලයේ ඇය මායාවන් පුහුනු වෙමින් සිටියදී මගල් කොල්ලෝ කීපදෙනෙක් ඇයට පහරදුන්නා..ඒ පහරදීමෙන් උමතු උන අරියානාට තමන්ගේ මායා බලය පාලනය කරගන්න බැරි උනේ ඇය නොදැනුවත්මයි..ඒ උන දෙයින් කෝපයට පත් උන පර්සිවෙල් ඩම්බල්ඩෝර් පිරිමි ළමයින්ට පහරදී අවාසනාවන්ත ලෙස අස්කබාන් හිරගෙට නියම වුනා..

මේ සිදු වූ දෙයින් කම්පාවට පත් වුනු කේන්ද්‍රා ඩම්බල්ඩෝර් ඇයගේ ළමයිනුත් රැගෙන ගොඩ්‍රික් හොලෝව් වලට වාසය සඳහා පැමිණියද අවාසනාවන්ත ලෙස අරියානාව ජනතාව ඉදිරියට නම් ගෙන ගියේ නෑ..

මෙසේ කල් ගෙවූ අරියානා අවුරුදු 14ක් උන කල්හි දරුණු දෙයකට මුහුන දෙන්නට සිදුවෙන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙසයි..ඇයගේ අතින් සිදු වූ මායාකාරී පිපිරීමක් තුලින් කෙන්ඩ්‍රා ඩම්බල්ඩෝර් හෙවත් අරියානාගේ මෑණියන් ඇයගේ අතින්ම ඝාතනය වෙන්නේ මේ වයසේදීයි..එසේ සිදු වූ හෙයින් අරියානාගේ ලොකුම සහෝදරයා වන ඇල්බස් ඩම්බල්ඩෝර් හට අරියානාගේ භාරකාරයා වීමටද සිදුවුනා..

එත් එක්වරම ඇයගේ වැඩිමල් සහෝදරන් දෙදෙනා සහා ග්‍රින්ඩ්ල්වෝල්ඩ් සමඟ ඇතිවූ දරුණු සටනේදී අරියානා ශාපයකට ලක් වුනේ කිසිම අයෙක් නොසිතූ විදිහටයි..ඇය මෙසේ ශාපයට අසුවී 1900 අගෝස්තු මස 17 වන දින මෙලොවින් සමුගන්නා අතර එය සහෝදරයින් දෙදෙනාට ඉතාමත් තදින් බලපාන්නටද වුනා..

අරියානා අපිව හැරදාලා ගිහින් දැනට අවුරුදු 119 උනත් තාමත් අපිට එයාව අමතක නම් වෙලා නෑ..ඉතින් අරියානා ඩම්බල්ඩෝර් ගැන කතාව නම් මේ විදිහට නිමාවෙනවා..ඒ වගේම තවත් කෙනෙක් ගැන විස්තරයකින් මම අනිවාර්‍යෙන් ඔයාලා ගාවට එනවා..එහෙනම් සමුගන්නම්..

මම වේන් හොප්කින්ස් හෆල්පෆ් බේස්මන්ට් එකේ සිට..

Comments