❦WEEKLY POTION TIME-EP 07❦
ඔන්න කාලෙකින් තව පෝෂන් එපියක් අරන් මං ඔයාලගෙ ආලින්දයට ආයෙත් ආවා.මේක ඇත්තටම මිනි එපිසෝඩ් එකක් යාළුවනේ.ඒ වගේම මායා ලෝකයේ ලේසියෙන්ම හදන්න පුළුවන් එකක්.මුලින්ම කියන්න ඕනෙ මේක වුල්ෆ්ස්බේන් පෝෂන් එක එක්ක පටල ගන්න එපා Aconite නම තියෙන නිසාම.අනිත් දේ තමයි දැන ගත්ත පළියට මෙව්ව හදන්න යන්න එපා.මොකද මේ රසායනය අධිකම විෂ සහිතයි.ඔව් සූසයිඩ් පෝෂන් එකක් තමයි.
.
.
.
එහෙනම් පුරුදු විදියටම අවශ්‍ය දේවල් එකතු කරගෙන ඔයාලගෙ ආදරණීය පෝෂන් මාස්ටර් එක්ක වැඩේ පටන් ගමු.මේ පෝෂන් කලාවේ අලුත්ම පෙරළිය වීක්ලි පෝෂන්
ටයිම්.✌
❦මූලික හැඳින්වීම❦
ඇකොනයිට් එහෙමත් නැත්නම් හැමෝම දන්න වුල්ෆ්ස්බේන් සහ ජලය පමණක් එකතු කරගෙන ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන් රසායනයක් තමයි මේක.ඒ වගේම කළින් කියපු විදිහට සූසයිඩ් පෝෂන් එකක් ආකාරයටත් Aconite යොදාගන්නවා.
❦බාහිර ස්වරූපය❦
ලා දම්,නිල් සිට තද දම් පැහැ දියරමය ලෙස දක්නට පුළුවන්.
❦සාධන මට්ටම❦
ආධුනික මට්ටමේ ගෙදර සිටින ගෘහණියකට වුණත් පහසුවෙන් පිළියෙළ කරන්න බැරි කමක් නෑ.එහෙම කියල විහින් මැරෙන්න යන්න එපා.
❦නිපදවීමේ කාලය❦
✦මිනිත්තු 10 යි.
❦යොදාගැනීම්❦
පුද්ගලයෙකු මිය යාමට ඉතාම ආසන්න වෙලාවල්වලදී හෝ මැජික් මගින් ඇතිවන
✦හෘද රෝගවලට සහනය ලබා ගැනීමට.
✦අධික දහදිය දැමීමට විසඳුමක් ලෙස.
❦ඉතිහාසය❦
✦ලිඛිත ඉතිහාසයක් නැත.වුල්ෆ්ස්බේන් පෝෂන් වලට පෙර සාදා ඇතැයි තහවුරු කෙරේ.රසායනවල මුල් කාලීනව සෑදුණු පෞරාණික පෝෂන් එකක් ලෙස සැළකෙනවා.
❦නම ලැබුණ ආකාරය❦
ලිඛිත සඳහනක් නෑ.සාමාන්‍ය ව්‍යවහාරයෙන්ම සම්පූර්ණ නම සමාජයට එක් වෙලා තියෙනවා.
❦අවශ්‍ය ද්‍රව්‍ය හා ඒවායේ කෙටි හැඳින්වීම❦ (වර්තමාන වෙළඳ පොළේ මිල ගණන් සමගින්)
(මතක තියාගන්න fl.oz කියන්නෙ දියර අවුන්ස කියන මිනුම. 32 fl.oz = 1 litre එකෙන් ගණන් හදාගන්න)
✦සම්මත රසායන ජලය(Standard potioning Water)
✦ඇකොනයිට්/ඇකෝනිට් මල්(මං දල්ලෑ මේක උච්ඡාරණය කරන විදිහ😢)
Aconite කියන්නෙ කොළ පැහැති කඳක් සහිත නිල් දම් පැහැ මල් පිපෙන පැළයක්.සමහර තැන් වල මෙය වුල්ෆ්ස්බේන්ම හඳුන්වන තවත් නමක් ආකාරයටත් ,සමහරක් තැන් වල වුල්ෆ්ස්බේන් පවුලේම පැළයක් විදියටත් හඳුන්වනවා.නමුත් සමහර පෝෂන් පොත් වලදී වුල්ෆ්ස්බේන් සහ ඇකෝනිට් වෙනම නම් වශයෙන්ම සඳහන් කර තිබෙනවා.ඒ වුල්ෆ්ස්බේන් සහ ඇකොනයිට් පෝෂන් වලින් රසායනවර්ග දෙකක් තියෙන නිසා හඳුනාගැනීමේදී ඇතිවන අපහසුතා වළක්වා ගැනීමටයි.ඒ වගේම මරණීය ලස්සනක් ඇති අධික විෂ සහිත පැළෑටියක් කියලත් සඳහන් කරන්න ඕනෙ.
(සාමාන්‍ය පොකුරක මිල ගැලියොන් 2 යි)
ඉහත අමුද්‍රව්‍ය භාවිතා කළ යුත්තේ 3:1 අනුපාතයෙන්.
🙂ඉතින් මේ ද්‍රව්‍ය ගැන මම ඔයාලට කිව්වෙ ගොඩක් අය පෝෂන් හදන්න තියරිය දැනගෙන හිටියට සමහර ingredients ගැන දන්නෙ නැති නිසයි.මොකද එක වගේ ද්‍රව්‍ය වැරදිලා පාවිච්චි කළොත් මරණය පවා වෙන්න පුළුවන්.😲හරි දැන් එහෙනම් අපි වැඩේ පටන් ගමු.ඔව් තාම හැදුවෙ නෑනෙ😀
❦සාදාගන්නා අන්දම❦
01.ප්‍රථමයෙන් සිල්වර් නොවන කල්දේරමකට ජලය කොටස් 3 ක් එක් කරන්න.
02.දැන් Aconite මල් කොටස් 1 එක් කරන්න.
03.ද්‍රාවණය විනාඩි 10 ක් හැඳිගාන්න.
❦ඇසුරුම් කරන අයුරු❦
රසායනය හොඳින් පෙරා,කුඩා කුප්පිවලට දමා සිසිල්/අඳුරු ස්ථානයක ගබඩා කළ යුතුය.නියමිත ආකාරයෙන් සෑදූ Aconite Potion වසරක කාලයක් භාවිතා කරන්න පුළුවන්.
❦භාවිතා කරන අන්දම❦
මං කළින් සඳහන් කරපු රෝග ලක්ෂන පමණක් පවතී නම්,බිංදු 2 ක් පමණ එක් වරකට පානය කිරීම සෑහේ.
❦අතුරු ප්‍රතිඵල❦
✦මේ පෝෂන් එක මායා ලෝකෙ විතරක් නෙවෙයි ඇත්ත ලෝකෙත් හදන්න පුළුවන්.ඉතින් ආතල් එකට මේව හදල නිකන් බිව්වොත් වමනෙ ඇවිත්,ඇවිදින්න බැරි වෙලා,හුස්ම නැවතිලා,හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරිල යන්න වෙන්නෙ.මොකද Aconite 2ml ක් වගේ සුළු ප්‍රමාණයක් ඇති නීරෝගී මනුස්සයෙක්ට මැරෙන්න.😐✋
❦ආබාධ සුව කිරීමේ ක්‍රම/ප්‍රතිරෝධය දක්වන ක්‍රම❦
✦බය වෙන්න එපා සුව කරන්න තරම් එච්චර කාලයක් ජීවත් වෙන්නෙ නෑ😂
❦ඉතිහාසයේ සඳහන්/යොදාගත් අවස්ථා❦
✦විශේෂ භාවිතයක් සඳහන් නෑ.Hogwarts Apothecary Department එකේ මේවගෙන් රාක්කයක්ම තියෙනව.මං නැතිවෙලාවට ඇවිත් හොරකම් එහෙම කරන්නෙ නෑ හොඳේ.ඕනෙ නම් කියල ඉල්ලගන්න😂
❦නීති හා රීති❦
✦හොග්වොර්ට්ස්වල තහනම් කරල නැති වුණත් අවශ්‍ය නැති වෙලාවට හදන්න තහනම්.
✦විසේසඥයෙකුගේ අනුදැනුම නොමැතිව සිසුන්ට භාවිතා කිරීම තහනම්.
❦සැලකිය යුතුයි❦
මෙමගින් ඇතිවන අතුරු ප්‍රතිඵල හා පෝෂන් එක සෑදීමේ වැරදීම් හා වැරදි අමුද්‍රව්‍ය යෙදීම මගින් සිදුවන හානි වලට weekly Potion Time වග කියනු නොලැබේ.😀
ඉතින් ඔන්න ආයෙ ආයෙත් කියනවා.ඇත්ත ලෝකෙ මේ පෝෂන් එක හදන්න පුළුවන්.මගල්ස්ල පවා සූසයිඩ් කරගන්න Aconite යොදාගන්නවා.ඉතින් කොහෙන් හරි පැළයක් හොයාගෙන රත් කරල බීල කවුරු හරි මැරිල තිබුණොත් මාව හොයන් එන්න නම් එපා.එහෙනම් තවත් දවසක සෙට් වෙමු හොඳේ..😜
තෑන්ක්ස් ෆ්‍රෙඩ් කවර් එකට�😍🔥
මම හොග්වර්ට්ස් පෝෂන් මාස්ටර්
Thisaru Dilmina
#wptimetd
All Rights reserved ©
Comments
Post a Comment